වෛරස් උණ කියන නම ඇහෙනකොටත් සමහරුන්ගේ ඇඟ කිලිපොලා යන තරම් මේවනතුරු වෛරස් උණෙන් බේරුණු අය ඇත්තේ ටික දෙනෙක් තමයි.
වෛරස් උණ කියන්නේ මොනවටද?
විවිධාකාර වයිරස් අපේ ශරීරයට ඇතුල්විය හැකියි. එලෙස ඇතුල් වන ක්‍රම විවිධයි වාතය මඟින් කෙළ බිඳිති මගින් ජලය හා ආහාර මඟින් වගේම ලිංගිකවයෙනුත් වෛරස ශරීරයට ඇතුළු විය හැකියි. එහෙත් සීග්‍රයෙන් පැතිර යන වෛරස් උණට හේතු වන්නේ වාතය මඟින් පැතිරෙන වෛරස රෝගයයි. මේවගේ රෝග ලක්ෂණ බොහෝ දුරට එක සමානයි. එහෙත් සමහර ඒවා එයට ආවේණික සුවිශේෂී රෝග ලක්ෂණ පහළ වනවා. සියලු වයස් කාණ්ඩවල පුද්ගලයන් මීට ගොදුරු විය හැකියි. බොහෝ වෛරස ආසාදන ඉබේම සුව නමුත් සමහර ඒවා මරණයෙන් කෙළවර විය හැකියි.
රෝග ලක්ෂණ කෙබඳු විය හැකිද
වෛරසයක් අපේ ශරීරයට ඇතුල් වූ වහාම රෝග ලක්ෂණ ඇති කරන්නේ නැහැ. එය රෝග ලක්ෂණ පහළ වන තුරු සංඛ්‍යාවෙන් වැඩෙනවා. වෛරස ඇතුළු දා සිට අපට රෝග ලක්ෂණ පහල වන තෙක් කාලය බීජෞෂණ සමය කියලයි හඳුන්වන්නේ මෙය පැය කීපයක සිට දින කීපයක් දක්වා විය හැකියි.
උණ
සාමාන්‍ය උණ ක සිට ඉතා තද උණක් දක්වා පරාසයක උෂ්ණත්වය වෙනස් විය හැකියි. කෙනකු උණ නිසා වෙවුලන්නත් පුළුවන්. කුඩා දරුවන්ට උණ අතරවාරයේ වලිප්පුව ඇතිවිය හැකි නිසා අවධානයෙන් පසුවීම වැදගත්.

ඇඟපත වේදනාව හිසරදය / තෙහෙට්ටුව
රෝගය සුවවී උණ බැස ගියද මෙම අපහසුතා සති කීපයක් පැවතිය හැකියි.
ඔක්කාරය සහ වමනය
ආහාර ප්‍රතික්ෂේප කිරීම සහ වමනය කුඩා දරුවන් අතර බහුලයි.
තද හිසරදය / ඇස් රතුවීම / පලු දැමීම
හිරු රශ්මිය දෙස බැලීමේ අපහසුව.
මෙයින් සමහර රෝග ලක්ෂණ බරපතළ වෛරස් රෝග සමඟ ද ඇතිවිය හැකි බැවින් වෛද්‍ය උපදෙස් නොලබා නිවසට වී සිටීම භයානක විය හැකියි..
නාසයෙන් දියර ගැලීම, කැස්ස, වසා ගැටිති ඉදිමීම හන්දි රුදාව
කැස්ස දිගු කල් පැවැතීමට හැකි හන්දි වේදනාව හන්දි බිමක් දක්වා බරපතළ විය හැකියි.
බඩේ කැක්කුම, දියරමය පාචනය උගුරේ බැරැන්ඩිය කනේ ආසාදන ඇතිවිය හැකියි.
සමහරව විට pneumonia encephalitis වැනි තත්ත්ව ඇතිවිය හැකියි.
ඩෙංගු යනු වෛරසයක් නිසා ඇතිවන රෝගයක්. එහෙත් ඩෙංගු රක්තපාත උණ නිසා රෝගීන් මිය යා හැකියි. එසේම පසුගිය කාලයේ ආන්දෝලාත්මක වෛරස influenza type A H1N1 එකයි අමතක කරන්න එපා. ඒ නිසා වෛරස් උණක් වුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
බේරෙන්නේ කෙසේද
Virus උණෙන් බේරෙන එක පහසු නැහැ. වෛරස් උණක් සෑදුණු විට විවේකය අත්යවශ්යයි. ජනයා බහුලව ගැවසෙන ස්ථානවලට නොයා සිටිය යුතුයි. හොඳින් පිරිසිදු සිටීමත් හොඳින් සෝදා සිටීමත් ඉතා වැදගත්. අත් නොසිටීමෙන් රෝගය පැතිරීම වේගවත් විය හැකියි. නිසි ප්රතිකාර සිදු කරමින් විවේකීව උණ අඩු වන තෙක් සිටීම වැදගත් වේ.
උපදෙස්
මූනමල්දෙනිය රජයේ
රෝහලේ ආයතන භාර වෛද්‍ය
රෝහණ කෑරගල

Post a Comment

DailyMotion

Powered by Blogger.