ඉන්දික හේවාවිතාරණ

රජයට පවරා නොගත් මාලඹේ පෞද්ගලික රෝහලට වර්තමාන ආණ්ඩුවද රුපියල් මිලියන දෙසිය පනහක මුදලක් මේ වනවිට ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.

මේ හේතුවෙන් වහාම මෙම රෝහල රජයට පවරා ගන්නා ලෙසත්, මීට අමතරව නීත්‍යනුකූලව පවරා ගැනීමක් සිදුනොකර ලබාදී තිබෙන සියලුම මුදල් නැවත අයකර ගතයුතු බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් මහතා සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව මගින් මේ රෝහල සඳහා රුපියල් මිලියන දෙසිය පනහ බැගින් මාස විසි නවයකට රුපියල් මිලියන හත්දහස් දෙසිය පනහක මුදලක් ගෙවා තිබෙන බවත්, මෙම මුදලින් වෛද්‍ය පීඨ තුනක් හෝ හොඳ රෝහලක් ඉදිකර ගැනීමට තිබූ බවත් අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Post a Comment

DailyMotion

Powered by Blogger.