උතුරුමැද පළාත් සමුහ සහ තඹුත්තේගම විශේෂ

පසුගිය දිනවලදී ඇදහැලුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහළ හල්මිල්ලෑව වැවෙහි වැව් බැම්ම කැඩී ගිය අතර ඒ සදහා තාවකාලික පියවරක් ලෙස මහවැලි අධිකාරිය හා යුධහමුදාව එක්ව වැලි කොට්ට ඇතිරීම පසුගිය 13 දා සිදුකළේය.

මෙම වැව යටතේ ගොවීන් අසූදෙනෙකුට අයත් කුඹුරු අක්කර 162 ක් වගාකර ඇති අතර ඉදිරියේදී මෙම වගාවන් සදහා ජලය ලබාගැනීමේ අර්බුදයකට මුහුණදීමට සිදුවන හෙයින් තාවකාලික පියවරක් ලෙස මෙම පියවරගෙන ඇත. එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර උභය කළ්‍යාන කුමාර මහතා විසින් තලාව රත්මල්ගහාවැව යුධහමුදා කඳවුරේ අණදෙන නිලධාරී කර්නල් කලුඅග්ගල මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුධ හමුදා භටයින් 20 දෙනකු යොදවා වැලි කොට්ට අතුරා තාවකාලිකව වැව් බැම්ම සකස්කෙරිණී.

මෙම වැලිකොට්ට ඇතිරීම තාවකාලික පියවරක් බවත් වැව් බැම්ම සකස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව මෙහිදී නේවාසික ව්‍යාපාර කළමණාකාර උභය කළ්‍යාන කුමාර මහතා පැවසීය. මෙම වැලි කොට්ට ඇතිරීමත් සමග වැවේහි ජලය එක්රැස් කරගතහැකි බව පැවසු කළ්‍යාන කුමාර මහතා අරපිරිමැස්මෙන් ජලය පාවිච්චි කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක්ද කළේය.


Post a Comment

DailyMotion

Powered by Blogger.