රට පුරා නියඟයක් තිබියදි වැස්ස නොමැතිව වේලි ගිය ඉඩෝරයේ මාවනැල්ල අඹදෙණිය, අරකොටවැල්ල පබුරුදෙණිය පතහ වැව ( අරකොටවැල්ල වැව )  පිටාර මට්ටමට දින දෙකක වැනි කාලයකදි එකවිට ජලය පිරි ඇති සිද්ධියක් වාර්තා වෙයි.


මෙම අපූරු සිද්ධිය නැරඹිමට ඊයේ පෝහොය දින සිට විශාල පිරිසක් පැමිණෙන බවට  ගම්වාසීහු  පවසති.


මෙම වැව අසබඩ ගම්මානයේ ඉඩම් කට්ටි කොට පසුගිය 2016 වසරේ නාය ගිය අරණායක සාමසර කන්ද ඇතුලූ ගම්මාන වල ජනතාව පදිංචි කර ඇති අතර නිවාස 200 කට ආසන්න ප‍්‍රමාණයක් මෙහි පවති.


වැවට ඉහළින් ඇත්තේ ගලවා ඉවත් කරන ලද රබර් ඉඩමක් වන අතර වැවට පහත කොටසේ අස්වැනු කැපු කුඹුරු දැක ගත හැකියි. වැවට අඩි 20 ක් පමණ පහතින් ගලා බසින අම්බුළුවාවේ සිට මා ඔය තෙක් ගමන් කරන කුඩා  පවති.


කෙසේ වෙතත් මෙම සිදුවිමෙන් පසුව මෙම වැව නැරඹිමට පැමිණෙන ජනතාව සහ රථ වාහන පාලනයට හෙම්මාතගම පොලීසියේ නිලධාරින්ද එහි ගොස් සිටුනු දැක ගත හැකි විය.


සිද්ධිය සම්බන්ධයෙන් එහි ගිය අපට අදහස් දැක්වු අරකොටවැල්ල රණබිම ගොවි සමිතියේ සභාපති ටි. ආර්. ටි. බණ්ඩාර අදහස් දක්වමින් මෙසේ පැවසිය.


මේ දිනවල වියළි දේශගුණයක් තමයි තියෙන්නේ මෙම ප‍්‍රදේශයේ ළිංවල ජල මට්ටමත් කුඩා ඔයෙහි ජල මට්ටමත් ඉතා අඩුවෙන් තමයි පැවතියේ වැවෙත් අඩි 6ක විතර ජල මට්ටමක් තමයි තිබුණේ.  දැන් අඩි 14 ක් විතර ජලය පිරිලා තියෙනවා. ඊට සාපෙක්ෂව පහළ  ඇති වෙල්වල සහ ළිංවල ජල මට්ටමත් වැඩි වෙලා  තිබෙනවා අඩි දෙක තුනකින්. වැව උතුරන්න තව අගල් දෙකක් විතර තමයි තියෙන්නේ.


වැව ඇදුවේ මෙම ස්ථානයේ ප‍්‍රධාන උල්පතක් තිබුණු නිසා. තාම අපිට හිතා ගන්න බැහැ මෙම ස්ථානයේ මෙහෙම වුණේ  මොන හේතුවක් නිසාද කියලා. ඉස්සර කාලයේ අපේ මුතුන් මිත්තන් නම් කියනවා මෙම ස්ථානයේ රහස් ගංගාවන් භූගතව තිබුණා කියලා. ඒ රහස් ගංගාවකින් මතුවු ජල පහරක්ද දන්නෙත් නැහැ. ඒ කාලේදි එහෙම රහස් ගංගා තිබුණා කියලා අදටත් මිනිස්සු කියන්නේ ආරෙක් කියලා සතෙක් මේ ප‍්‍රදේශයෙන් මතුවු නිසා කියලාත් කියනවා. එම ආරා රාජසිංහ රජතුමා වැවට දාලා කෙටුවාලූ ඊට පස්සේ ඒ හරහා ගමේ නම අරකොටවැල්ල වුනා කියලාත් කියනවා.


ඒ වාගේම තවත් සමහර අය මෙහෙම කතාවකුත් කියනවා පසුගිය 4 වැනිදා මේ නායගිය අයට නිවාස දිලා පදිංචි කරලා ඉන්න ගම්මානයේ නිවසක භූගතව කැණිමක් සිදු කරලා දොනාවක් සකස් කරලා සරස්වති ප‍්‍රතිමාවක් අරන් එක අනුරාධපුර ගල්නෑව ප‍්‍රදේශයට අරන් යන්න සුදානම් කරගෙන ගමෙන් පිට වෙන කොටම පොලීසියෙන් අල්ලා ගත්තා. දැන් දෙන්නෙක් අත්අඩංගුවට පත් වෙලා  මෙහි බලපෑමකට මෙක  සිදු වුනා කියලා සමහර අයගේ විශ්වාසයක් තිබෙනවා.


සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු මාවනැල්ල ප‍්‍රාදේශිය ලේකම් ප‍්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය,


අපි මේ සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණිම් එකට දන්වා තිබෙනවා. ඔවුන් පැමිණ අදාළ  සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරන තෙක් සිද්ධිය සම්බන්ධයෙන් හේතුවක් අපිට කියන්න අමාරුයි යැයිද පැවසිය.


Post a Comment

DailyMotion

Powered by Blogger.