මුහුණ ලස්සනට තියාගන්න අපි කව්රුත් කැමතියි නේ. ලොකු වියදමක් නැතුව ගෙදර ඉඳලා කරන්න පුළුවන් දෙයක් ගැන තමයි අද කියන්නේ.ගන්න බිත්තරයක්. එකේ සුදු මදය වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ බිත්තර සුදු මදය හොඳටම beat කරන්න සුදු පෙන වගේ වෙනකල්. මුහුණ හොඳට පිරිසිඳු කරලා පිහිදලා, beat කරපු සුදු මදය මුහුණේ ගාන්න.ඇහි බැම උඩ ගාන්න එපා. ඊට පස්සේ එය උඩින් පුළුන් කෑලි තියන්න. මේ විදිහට පැයක් විතර ඉන්න ඕනේ.


මේ ආලේපනය සම්පුර්ණයෙන්ම වෙලෙනකල්. හොඳින්ම වේලිලා ඉවර වුනාට පස්සේ හරිම හිමින් ඉවසීමෙන් පුළුන් කෑලි ගලවන්න. හයියෙන් ඇදලා දාන්න එපා. එතකොට සමට තුවාල වෙන්න පුළුවන්.මුහුණ හොඳින් හේදුවට පස්සේ සම පැහැපත් වෙලා blackheads ඉවත් වෙලා කියලා ඔබට පෙනේවි. ගොඩාක් යහපත් ප්‍රතිපල සඳහා මේ විදිහට සතියකට දෙපාරක් සම පිරිසිඳු කරලා බලන්න.


වියලි කහ කුඩු කරලා යෝගට් එකක් සමග මුහුණේ ආලේප කිරීම.කහ කියන්නේ හිමාලයේ සරුවට වැවෙන අතීතයේ පටන් කාන්තාවන් රුව වැඩිම සදහා භාවිතා කරපු විශ්මිත ඔසුවක්.ඔබේ මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට ද වියලි කහ කුඩු කරලා යෝගට් එකක් සමග මිශ්‍ර කරලා මුහුණ මත පැක් එකක් විදියට යොදා ගන්න පුළුවන්.මෙමගින් මුහුණේ රෝම වැවීමේ වේගය අඩු කරනවා. එක දිගටම භාවිතා කර ගෙන යන කොට මුහුණ මත අනවශ්‍ය රෝම වැවීම සම්පුර්ණයෙන්ම නතර කරනවා.මේක ගොඩක් තරුණ කාලෙම ඉදලා කරන්න පටන් ගත්තොත් ගොඩක් හොද ප්‍රතිපල ලබන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මුහුණ සුදූ කර ගනන් පුළුවන්.


කඩල පිටි සමග වියලි කහ හා දෙහි යුෂ අවශ්‍ය පමණට මිශ්‍ර කර මුහුණේ ගාන්න.කදලපිටි කියන්නේත් ඔන්න ඔබේ මුහුණේ අනවෂ්‍ය රෝම වැවීම පාලනය කරන්න පුළුවන් දෙයක්. මෙයට වියලි කහ කුඩු මිශ්‍ර කරලා දෙහි යුෂත් එක්ක මුහුණේ ගාන්න.ඊට පස්සේ මුහුණේ මත ගාපු මේ ආලේපනය වෙලුනාට පස්සේ උණුසුම් ජලයේ පොගවා ගත් තුවායක් භාවිතා කරලා රවුමට රවුමට මුහුණ පිරිමදිමින් ඉවත් කර ගන්න. කඩල පිටි මගින් මීට අමතරව ඔබේ මුහුණ පැහැපත් වීමත් සිදු වෙනවා.


බිත්තර සුදු මද සිනි හා ඉරිගු පිටි සමග මිශ්‍ර කර ගාන්න.බිත්තර සුදු මද සමග සිනි හා ඉරිගු පිටි අවශ්‍ය ප්‍රමානයට මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්න. හොදින් වෙලුනාට පස්සේ මද උණුසුම් තෙත තුවායක් මගින් හෝ ඔබේ තෙත් කර ගත් ඇගිලි වලින් ආලේපනය ඉවත් කර ගන්න.මෙම මිශ්‍රනය මුහුණ මත ිජරමඉ එකක් විදියට ක්‍රියා කරන අතර මුහුණේ සම ඉතා හොදින් පවිත්‍ර කරනවා.


පැපොල් හා මයිසුර් පරිප්පු.පැපොල් ඝනට හොදින් බ්ලෙන්ඩර් කරගෙන එකට එකතු කර ගන්න මයිසුර් පරිප්පු (කඩල පරිප්පු ) කුඩු කරලා. මේ මිශ්‍රනය දිගටම භාවිතා කිරීම තුලින් මුහුනේ අනවශ්‍ය රෝම වැවීම පාලනය කරලා පසුව සදහටම නවත්ත ගන්න පුළුවන්.


සිනි හෝ මීපැණි වැක්ස්.සිනි වලට අවශ්‍ය පමණ දෙහි යුෂ එකතු කරලා වතර සමග ලිප තියලා රත් කරන්න. සිනි හොදට දිය වෙලා දුබුරු පාට උනාට පස්සේ මේක ටිකක් උණු ගතිය තියෙද්දීම අත් වල හෝ කකුල් වල ආලේප කරන්න.ටික වෙලාවක් තියලා සිහින් කපු රෙද්දක් අරන් ආලේපනය උඩින් තියලා රෝම වැවීම සිදු වෙන දිශාවට විරුද්ධ දිශාවට තද කරලා අදින්න. ඔබට ඕනෙ නම් මෙහි සිනි වෙනුවට මී පැණි යොදා ගන්නත් පුළුවන්. එවිට ටිකක් මිශ්‍රනය සදා ගන්න වියදම් යාවි. මේ මිශ්‍රණය තමයි ගොඩක් රුපාලවන්‍යා ගාර වල වැක්ස් කරන්න යොදා ගන්න කෘතීම දේවල් වල ස්වාභාවික මිශ්‍රණය.

Post a Comment

DailyMotion

Powered by Blogger.