මේ වනවිට රාජසන්තක කර තිබෙනා එතනෝල් ලීටර් ලක්ෂයක් ඊයේ (20) අධිකරණය මාර්ගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.


ඒ කොරෝනා විසබීජ නාශක ලෙස භාවිතයට ගැනීම සඳහාය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම කටයුත්ත සිදුව තිබේ.


ඒ අනුව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා අවශ්‍ය විසබීජ නාශක ඉසින හා දෑත් පිරිසිඳුකාරක නිපදවීමට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ලෙස මෙම “එතනෝල්” යොදා ගැනීම සැලසුම වී තිබේ.


මෙම එතනෝල්, රජයේ අනුමත පර්යේෂණාගාර විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන සහ රජයේ රෝහල්, සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතුවල යෙදෙන දෙපාර්තමේන්තු සඳහා ලබාදීමට නියමිතයි.

Post a Comment

DailyMotion

Powered by Blogger.