නුවරඑළිය වාර්ෂික වසන්ත උත්සව සැණකෙළිය සඳහා වු කිසිඳු  උත්සවයක් නොපැවැත්වීමට   තීරණය කොට  තිබේ.


මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (19) මධ්‍යම පළාත් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේදි පැවැති කොරෝනා මර්දන මධ්‍යම පළාත් ඒකාබද්ධ කාර්ය සාධන බලකායේ විශේෂ රැස්වීමේදි මෙම තීරණයට එළඹ තිබේ.


කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්තවීම  වැළැක්වීමේ අරමුණින් මෙසේ නුවරඑළිය වසන්ත උත්සව සැණකෙළියේ කිසිඳු උත්සවයක්  මෙසේ නොපැවැත්වීමට තීරණය කොට ඇත.


නුවරඑළිය වසන්ත උත්සව සැණකෙළිය සෑම වසරකම අප්‍රේල් මාසය පුරා මහත් උත්කර්ෂවත් අන්දමින් නුවරඑළිය මහනගර සභාව විසින් පවත්වනු ලබයි.

Post a Comment

DailyMotion

Powered by Blogger.