රැකියා වෙළෙඳ පොළට සම­ගාමී අධ්‍යා­පන ක්‍රම­යක අව­ශ්‍ය­තාව ඉකුත් මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ රාජ්‍ය පාල­න­යේදී අව­බෝධ කර­ගෙන තිබුණා. ඒ අනුව එව­කට අධ්‍යා­පන විෂය බාර අමා­ත්‍ය­ව­රයා වූ ආචාර්ය බන්ධුල ගුණ­ව­ර්ධ­න­යන් තාක්ෂණ විෂය ධාරාව පාසල් විෂ­යක් ලෙස ඉගැ­න්වීම සඳහා අවශ්‍ය අධ්‍යා­පන ප්‍රති­පත්ති සකස් කෙළේ ය.

එහි ප්‍රති­ඵ­ලය වූයේ තාක්ෂණ විද්‍යා උපා­ධි­ධා­රීන් රටට වැඩි වැඩි­යෙන් බිහි කර­න්නට හැකි­වී­මය. මේ උපා­ධි­ධා­රීන්ට රැකියා හිඟ නැත. මේ නිසා දිනෙන් දින තාක්ෂණ විෂය ධාරා­වෙන් උසස් පෙළ අධ්‍යා­ප­නය ලබ­න්නට පෙල­ඹෙන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වී තිබේ. මේ ප්‍රව­ණ­තා­වන්ට ගැළ­පෙන අයු­රින් විශ්ව විද්‍යා­ල­යන් තුළ ද වෙන­මම තාක්ෂණ විද්‍යා පීඨ බිහි කර­න්නට සිදුව ඇත. ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලීය තාක්ෂණ විද්‍යා පීඨය ඉදි වන්නේ ඒ අනු­වය.

හෝමා­ගම පිටි­පන ප්‍රදේ­ශයේ අක්කර 12 ක පමණ භූමි­යක ඉදි­වන මෙම තාක්ෂණ විද්‍යා පීඨයේ විය­දම රුපි­යල් කෝටි 260 කි. එහි ගොඩ­නැ­ගි­ලි­වල වප­ස­රිය වර්ග අඩි 2,80,000 කි. ශිෂ්‍ය­යන් 40, 50, 75, 100, 150 ක් හා 200 ක් එක­වර වාඩි කරවා ඉගැ­න්වීම් කළ හැකි දේශනා ශාලා 32 ක් හා රසා­ය­නා­ගාර 48 ක් ද මෙම විද්‍යා පීඨ­යට අයත් ය. එක­වර සිසුන් 1600 කට මෙහි අධ්‍යා­ප­නය ලැබිය හැකිය. පරි­පා­ලන කට­යුතු සඳහා පම­ණක් කාමර 162 ක් මෙම පීඨය තුළ ඉදි කර ඇත.


පරි­සර හිත­කා­මීව ඉදි­කර ඇති මෙම පීඨයේ අප­ද්‍රව්‍ය පිරි­ප­හදු කිරීමේ පද්ධ­ති­යක් ද, වැසි ජලය කළ­ම­නා­ක­රණ පද්ධ­ති­ය­කින් ද සම­න්වි­තය.


මෙහි ඉදි­කි­රීම් කට­යුතු සිදු කෙරෙන්නේ මාගා (MAGA) ආය­ත­නය මගිනි. එහි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළ­ම­නා­කරු ලෝචන උඩ­වත්ත මහතා අප සමඟ මෙසේ කීවේ ය.

“අපිට මේ, තාක්ෂණ විද්‍යා පීඨයේ ඉදි කිරීම් නිම කරන්න නිය­මි­තව තිබෙන්නෙ 2020 අගෝස්තු 09 දාට පෙරයි‍. නමුත් මාර්තු 16 දින ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් මේ පීඨය සිසු අයි­ති­යට ලබා­දෙන්න නිය­මි­තව තිබෙ­නවා. ඒ නිසා අප ඉතා කඩි­නම් ඉදි­කි­රීම් නිම කර­ගෙන යනවා. දැනට මෙහි කට­යුතු 98% ක් පමණ නිම කරලා තිබෙ­නවා. මෙහි ඉදි­කි­රීම් සියල්ල බෞද්ධ සංස්කෘ­තික ලක්ෂණ සහි­තව ඉදි කිරීම ප්‍රති­ප­ත්ති­මය තීර­ණ­යක්. මේ ව්‍යාපෘති සැලැස්ම තුළ බෞද්ධ විහා­ර­යක් ඉදි කිරීම ඇතු­ළත් නෑ. නමුත් එය අපේ සමා­ගමේ පරි­ත්‍යා­ග­යක් ලෙස දැන් ඉදි­කර තිබෙ­නවා. මාර්තු 16 දින වන­විට සියලු ඉදි­කි­රීම් නිමා කර­න්නට අපි කට­යුතු කර­ගෙන යනවා.

මේ පිළි­බ­ඳව සිළු­මි­ණට අද­හස් දැක්වූ උසස් අධ්‍යා­පන, තොර­තුරු හා ජන­මාධ්‍ය හා නවෝ­ත්පා­දන අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණ­ව­ර්ධන මෙසේ කීවේය.

“මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තු­මාගේ රාජ්‍ය පාලන කාලයේ අධ්‍යා­පන අමා­ත්‍ය­ව­රයා ලෙස මට පුළු­වන් වුණා තාක්ෂණ විෂය ධාරාව පාසල් විෂය මාලා­වට ඇතු­ළත් කරන්න. මේ වන­විට විශාල සිසුන් පිරි­සක් මේ විෂය ධාරා­වෙන් උසස් පෙළ විභා­ග­යට පෙනී සිටින්න උනන්දු වෙනවා.


රැකියා වෙළෙඳ පොළ මෙන්ම දියුණු වන ලෝක­යට අපේ දරු­වන්ට බිය සැක නැතිව තර­ග­කා­රීව මුහුණ දෙන්න තාක්ෂණ විෂය ධාරා­වෙන් උපා­ධිය ලබන්න මෙම­ඟින් අව­ස්ථාව ලැබී තිබෙ­නවා. මම සතුටු වෙනවා ජය­ව­ර්ධ­න­පුර මා ඉගෙන ගත් විශ්ව විද්‍යා­ලයේ තාක්ෂණ විද්‍යා පීඨය මගේ මැති­ව­රණ බල ප්‍රදේ­ශ­යේදී මම උසස් අධ්‍යා­පන අමාත්‍ය ධූරය දරන කාලේ දී ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අතින් මාර්තු 16 වැනිදා සිසු අයි­ති­යට පවරා දෙන්න ලැබීම ගැන විශේ­ෂ­යෙන් ම අප කාටත් වඩා විශාල ඕනෑ­ක­මක් ඇතිව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සඳහා කැප වී සිටින ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අතින් මෙම තාක්ෂණ විද්‍යා පීඨය සිසු අයි­ති­යට පව­රා­දී­මට ලැබී­මත් ඓති­හා­සික කාර­ණ­යක් යැයි ඇමැ­ති­ව­රයා කීය.

Post a Comment

DailyMotion

Powered by Blogger.