අප්‍රේල් 15 වැනිදා දක්වා සියලු සංචාරක වීසා අත්හිටුවීමට ඉන්දීය රජය 2020-03-(12) තීරණය කර තිබේ.


කොරෝනා වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව බලධාරීහු පැවසූහ.


වයිරසය ව්‍යාප්තව පවතින රටවල් 7ක සිට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනයට යොමුකරන බවද ඉන්දීය රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝවිඩ් -19 ලෙස හැඳින්වෙන මෙම වයිරසය වසංගතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දීමත් සමඟ බොහෝ රටවල් එය ව්‍යාප්තවීම වැළැක්වීමේ කඩිනම් පියවර ගෙන තිබූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත.


ඊයේ (13) සිට මෙම සංචාරක වීසා අත්හිටුවීම ආරම්භ කරන බව ඉන්දීය රජය පවසයි.

Post a Comment

DailyMotion

Powered by Blogger.