මෑත කාලීන ප්‍රවෘත්ති ප්‍රකාශනවල සඳහන් කර ඇති ඉතාලියේ සිට ආපසු පැමිණි කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍රයක් ලබාගෙන නොමැති බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


ශ්‍රී ලංකා මාධ්‍යවල පළ වල සඳහන වූ ආකාරයට ඉතාලියේ කොවිඩ් -19 හේතුවෙන් මිය ගිය පරිස් ආගමික වත්පිළිවත් නොමැතිව සමූව වශයෙන් අවසන් කටයුතු සිඳුකළ බවට සඳහන් වූ ප්‍රවෘත්ති අසත්‍ය බවත් තානාපති කාර්යාලය නිවේදනය කරයි.


“පොදුවේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට සඳහා අවසර නොදෙන බව සත්‍යයක් වුවත් යම් අයෙකුගේ අවසන් කටයුතු සඳහා ඔහුගේ හෝ ඇයගේ සමීපතමයන්ට හා පවුලේ සාමාජිකයන් සීමිත පිරිසකට පූජකයෙක් හා සම්බන්ධ වී අවසන් කටයුතු කිරීමට අවස්ථාව දුන්නා. මියගිය සෑම අයෙකුම ඉතාලි සංස්කෘතිය අනුව ආගමික පිළිවෙත් හා නීතිරීති අනුව, මියගිය තැනැත්තාට අතිශයින්ම ගෞරවයෙන් යුතුව තනි තනිව වළලනු ලැබුවා” යැයි තානාපති කාර්යාලය නිවේදනය කරයි.


“අපගේ ශ්‍රී ලාංකික මිතුරන් බොහෝ දෙනෙකු අපට ලබාදුන් සහයෝගය පිළිබඳව අපගේ කෘතතාව පළ කරනවා” යැයි තානාපති කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි.


ඩේලි මිරර් ඇසුරෙනි.

Post a Comment

DailyMotion

Powered by Blogger.