මුඛදුර්ගන්ධයෙන් මිදෙමු.

දවසපුරාම අපි කරන වැදගත්ම දේ මොකක්ද?කතාකිරීම. මිනිස්සු වෙච්ච අපි කතාකරලා අදහස් ප්‍රකාශ කරන එක හරිම වැදගත්.ඒ වුණත් ඔයාගේ කට ගඳ නිසා ඔයා කෙනෙක් එක්ක කතාකරන්න අකමැති වෙනවා නම්,එහෙනම් ඔයාගේ වැදගත්ම දේ ඔයාට මඟහැරෙනවා නේද?අන්න ඒ නිසා අනික් අයට ප්‍රසන්න කෙනෙක් විදියට දැනෙන්න නම් මේ කට-ගඳ පාලනය කිරීම හරිම වැදගත්.කට-ගඳ ඇතිවෙන්න මොකක්ද හේතුව?කොහොමද ඒකට උත්තර හොයන්නේ?අපි අද කතා කරමු ඒ ගැන.


1. දිව හොඳින් මැදීම.

 සාමාන්‍යයෙන් අපි හැමෝම දත් මැද්දත් අපේ දිව මදින්න තරම් උනන්දු වෙන්නේ බොහොම ටික දෙනයි.ඒ වුණත් ඔයා දන්නවද?වැඩිම විෂබීජ ප්‍රමාණයක් රැඳී තියෙන්නේ අපේ දිවේ.ඒ නිසා දිව නිවැරදි ලෙස පිරිසිදු කිරීමත් හරිම වැදගත්.කෑම කොටස් වගේම බැක්ටීරියා විශාල ප්‍රමාණයක් දිවේ බැඳිලා තියෙන නිසා කට ගඳට පළවෙනිම හේතුවත් ඒක වෙන්න පුළුවන්.ඒ නිසා හැම කෑමවේලකටම පස්සේ දත් මදිනවා වගේම දිවත් මදින්න අමතක කරන්න එපා.හැබැයි දිව සුදු වෙනකං තදින් මදින එක නම් ඒ හැටි හොඳ දෙයක් නෙවෙයි.


2. මවුත්වොෂ් භාවිතය.

 ඇල්කොහොල් රහිත මවුත්වොෂ් එකක් භාවිතා කිරීම වැදගත්.එනිසාම ඔයාට දවසපුරාම නැවුම්ව ඉන්නත් පුලුවන්.


3. දත් මැදීම.

 ලංකාවේ අපේ කෑම වල ළූණු,සුදුලූනු වගේම තුනපහ වර්ගත් තරමක් වැඩියි.ඒ නිසා ඔයාගේ කට ගඳ මතුවෙන එක එතරම් දේකුත් නෙවෙයි.විශේෂයෙන්ම කෑම වේලාවෙන් පස්සේ.ඒ නිසා කෑමට පස්සේ දත් මදින්න පුළුවන් ආකාරයේ පොඩි ටූත්පේස්ට් එකක්,දත් බුරුසුවක් නිතරම ලඟින් තියාගන්න එක කට ගඳ නැතිකරන්න හොඳ ක්‍රමයක්.


4. ජලය භාවිතය වැඩි වැඩියෙන්.

 දවසපුරාම හරියට වතුර බිව්වේ නැත්තං,ඔයාගේ ඇඟට දැනෙන ඒ වෙනස කටින් මතුවෙන්න තියෙන ඉඩකඩත් බොහොම වැඩියි.වතුර නැති නිසා ඔයාගේ කට ඉක්මනින්ම වියළෙනවා වගේම ඒ නිසා කට ඇතුළේ බැක්ටීරියා වර්ග හරිම වේගයෙන් වර්ධනය වෙනවා.


5. ආයුර්වේද ප්‍රතිකාර

 චුවින්ගම් හරි මින්ට් වර්ගයක් කනවට වටා කරදමුංගු හරි සූදුරු වගේ දෙයක් නිතර හපනවා නම් මේ ප්‍රශ්නෙට ලේසියෙන්ම උත්තර හොයන්න පුළුවන්.ස්වාභාවික දේවල් නිසා ඔයාට අමතර සීනි එකතුවීමක් වෙන්නෙත් නැහැ.ඒ වගේමයි ග්‍රීන් ටී වගේම බ්ලැක් ටී,කට ඇතුළේ බැක්ටීරියා වර්ධනය පාලනය කරනවා.තේ එකක් බොන ගමන් තවත් හොඳකුත් වෙන නිසා දෙපාරක් හිතන්න දේකුත් නැහැ.


6. දන්ත වෛද්‍ය සායන

 අවුරුද්දකට දෙසැරයක් විතර දන්ත වෛද්‍ය සායනයකින් දත් පරික්ශාකිරීමත් හරිම වැදගත් දෙයක්.අමතක නොකර අනිවාර්යයෙන් කල යුතු දෙයක් විදියටත් ඒක හඳුන්වන්න පුළුවන්.ඔයා නොදන්නවා වුනාට විදුරුමස් රෝග හෝ දත් දිරායාමක් කට ගඳ මතුවීමට මූලිකවම බලපාන්නත් පුළුවන්.


මෙම ක්‍රියා අනුගමනය කරලා ඔබගේ අදහස් දක්වන්න 

Share:

0 comments:

< >

Search This Post

Web Archive

Follow by Email

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement