මිදි වගාව සඳහා කෘෂි උපදෙස්

දැනට වගා කරන ප්‍රභේද

ඉඩ්බෙලා :-  ගෙඩි සැමවිටම දම්පාට නොවේ. කොළපාට ගෙඩි ද දක්නට ලැබේ. එතරම් විශාල පොකුරු        

                    නැත.

ඊශ්‍රායෙල් බ්ලු  :-  ගෙඩි දම් පාටය විශාල පොකුරු දැකිය හැක.

සෙමිලෝන්  :-  ගෙඩි කුඩාය කොළ පැහැයෙන් යුක්තයි.

කාඩ්නල්


අවශ්‍ය දේශගුණය

ලංකාවේ සෑම පළාතකම වගාකල හැකි නමුත් රසවත් ථල ලබාගත හැක්කේ මල් හට ගන්නා කාලයේ සිට ථල නෙලාගන්නා තෙක්ම හොදින් හිරු එලියවැටෙන පලාත් වලය. වර්ෂාව වැඩිවිට ගෙඩි ඇඹුල් රසවේ.

වගාවට සුදුසු පස

දිය සීරාව හොදින් බැස යන සැහැල්ලු ගැඹුරැ පස යෝග්‍යයි. ජලය රදා නොපවතින අඩි 8ක් පමණ ගැඹුරු    

වැලි ලෝම පසක්ද යෝග්‍යයි.

මිදී පැල ලබාගන්නා ආකාරය

බීජ මගින් හා දඩු කැබලි මගින් බෝකර ගත හැක.

බීජ මගින් බෝකර ගැනීම

මෙම පැලවලින් ප්‍රභේද ලක්ෂණ  ඒ ආකාරයෙන්ම නොලැබීමත් (පර පරාගනය නිසා)  සමහර මිදී   ප්‍රභේදවල බීජ නොමැති වීම නිසාත් ප්‍රධාන වශයෙන්  වර්ධක ප්‍රචාරණය යොදාගනී.

වර්ධක ප්‍රචාරණය

මෙහදී බද්ද ක්‍රම, අතු බැදීම, දඩු කැබලි මගින් පැල බෝකර ගත හැක.

කද කැබලි මගින් ප්‍රචාරණය

මෙහිදී හොද අස්වැන්නක් දෙන ගුණාත්මය හා රසය හොද මව් ශාක තෝරා ගැනීම වැදගත්වේ.

මිදිවැල කප්පාදු කරන විට දඩු තෝරා ගත හැක. දඩු වල  දිග සෙ.මි. 25ක් පමණ වන සේද පැන්සලක පමණ (මි.මී 5ක් පමණ) විෂ්කම්බයක් වැනසේද පර්ව 2, 3ක් ඇති රෝගවලින් තොර අවුරුද්දක් පමණ වයස වූ මේරු දඩු ඉතා සුදුසුය.

දඩු කැබලි තවාන් කිරීම

සෙ.මි 12 පමණ ගැඹුරැ වන වැලි තවාන් වල තෝරාගත් දඩු කැබලිවල පර්ව එකක් යටට යනසේ සිටවන්න සති දෙක තුනකින් මුල් ඇදීම සිදු වේ.

පොලිතින් බැග්වල සිටවීම - තවානේ මුල් ඇදීම සිදුවී දින 8-10 පසුව පොලිතින් බෑග් වල සිටවීම සදහා සදහා සුදුසුය. මේ සදහා අගල් 10 x 6 පොලිතින් බැග් යොදා ගනී. කොම්පෝස්ට් වැලි සහා මතු පිට පස් 1:1:1 අනුපාතයට ඇති පස් මිශ්‍රණයෙන් මෙම පොලිතින් බැග් පුරවා මුල් ඇදුනු දඩු ප්‍රවේශමෙන් තවානෙන් ගලවා සිටුවන්න. මුලදී ඇතිවන කිරිමුල් දුඹුරු පාට වූ පසු පෙර සේ සිටවිමට සුදුසුය.

පැල සිටවිමේදී වියලි කාලයේ සිටවීම සුදුසුය. එවිට හොද මුල් ඇතිවේ. ජනවාරි, පෙබරවාරි, හෝ මැයි, ජුනි, ජුලි කාලයේදී සිටවා පැල වලට අවශ්‍ය තෙතමනය ලබා දෙන්න.

පැල සිටවන අකාරය

ආකාර තුනකට සිටවිය  හැක.

1.      පදුරු ක්‍රමය

2.      වැට ක්‍රමය

3.      පන්දලම් ක්‍රමය

පැල සිටවන වලක් අඩි 2x2x2  විය යුතු අතර මතු පිට පස් හොදින් දිරූ ගොම පොහොර හා පහත සදහන් රසායනික පොහොර මිශ්‍රණයෙන් ග්‍රෑම් 450 ක්ද යොදවල ගොඩ කර පැල සිටවීම සුදුසුය.


පන්දලම් ක්‍රමය

වැඩි අස්වැන්නක් හා වාසි රැසක් ගෙන දෙන වඩා හොද ක්‍රමයක් ලෙස පන්දලම් ක්‍රමය පිළිබද මෙහිදී විස්තර කරනු ලැබේ.

රුපයේ පරිදි අදාල දිග පළලට පත්‍ර සිටවා පන්දලම් සදා ගන්න. පන්දලම මැදින් පළවේ මිදී පැලයක් සිටවා පන්දලම තෙක් වැඩෙන්න හරින්න. පන්දලමෙන් මදක් ඉහලට අතු වැඩුනු විට පන්දලම අසලින් කප්පාදු කරන්න. පසුව පන්දලම අසලින් අතු 2 හෝ 3ක් පන්දලමේ

රුපය


විවිද පැතිවලට අඩි 1ක් පමණ වැඩෙන්නට හැර අනතුරුව අත්තේ කෙලවරේ සිට අඩි බාගයක් පමණ කප්පාදු කරන්න.

මල් හට ගැනීමට කරන කප්පාදුව.

කප්පාදු නොකළ වැල්වල ගෙඩි සුළු වශයෙන් වැල් අගට වන්නට හට ගනී. එසේ වන්නේ වැල් වල මල් සහ පොකුරු හට ගන්නේ අළුත් රිකිලි වල වීමයි. ඒ නිසා පරණ

දඩු කප්පාදු කර අළුත් රිකිලි ලබාගැනීම අනිවාර්යෙන් කල යුතුය පහත රුප සටහන් මගින් එය පැහැදිලි කෙරේ. දෙවන වසරේ දී පළ දැරූ අංකුර සහිත කප්පාදු කරන්න. එනම් අත්තේ අංකුර 4, 5ක් තබා කප්පාදු කරන්න.

හොද නඩත්තුවක් සහිත මිදිවැලකින් අවුරුදු පනහක් සියක් දක්වා වුවත් අස්වැන්නක් ගත හැක. වැඩුනු මිදී වැලේ තත්වය අනුව ථල හට ගැනීමට කප්පාදු කිරීම වැදගත්ය.

ශ්‍රී ලංකාව වැනි දේශගුණය ඇති රටවල වසරකට

පින්තුරය




පැල සිටවිමේදී ඉහත මිශ්‍රණයෙන් ග්‍රෑම් 450ක් ද පසුව එම මිශ්‍රණයෙන් තවත් ග්‍රෑම් 450ක් මාස හයකදී දමන්න. පළමු කප්පාදුවෙන් පසුව ග්‍රෑම් 900ක් පමණද මෙලෙස කප්පාදු කිරීමකට පසුව (සති හතරකට පසුව) වසරකදී වරකට ග්‍රෑම් 225 බැගින් වැඩි වන සේ පොහොර දමන්න. එය ග්‍රෑම් 2700 දක්වා වන තෙක් යොදා ඉන්පසු දිගටම ග්‍රෑම් 2700 බැගින් යොදන්න. රසායනික පොහොර දැමීමට පෙර පැල වටා දිරූ ගොම  කුඩා කීපයකට එයට මිශ්‍ර කරන්න. වියලි කලාපයේ වැලි සහිත පස්වලට මෙමෙ නිර්දේශය යෙදීම සුදුසුය. එසේම වැලි සහිත පස් වලට අදිකව කාබනික පොහොර බාවිතයෙන්ද යෝග්‍යයය.

මිදී වගාවේ රෝග

යටි පුස් රෝගය :- පෙරනෝස්හෝරා විටිකෝලා

රෝග බීජානු කදේ හා වැල් වල ඇති බැවින් කප්පාදු කල පසු දීලිර නාශක යොදන්න. මිදී ගෙඩි පරිනත වනතෙක් දින 10 – 14 කාලසීමාවට වරක් ඉසින්න.

1.      තඹ හා සින්ක් අඩංගු දීලිර නාශකයක්

2.      කාබනික - කැප්ටාන් බිනොමිල් ආදිය

3.      බ්‍රෝඩො මිශ්‍රණය

සාමානයෙන් නොවැම්බර්, දෙසැම්බර් මාස වලදී මිදී පත්‍ර හැලේ. එය සමානය ක්‍රියාවකි

පිටි පුස් රෝගය :- (යුනිකියුලා නේකටා)

මෙය පත්‍රවලට කල පැහැති දඩු වලට අංකුර හා දළු වලටද ලපටි ගෙදිවලටද වැළදේ. වර්ෂාව අඩු වියළි කාලයේ වැඩි වශයෙන් දක්නට ලැබේ. වලක්වා ගැනීමට බ්‍රෝඩො මිශ්‍රණය යෙදිය හැක.



Share:

0 comments:

Search This Post

Web Archive

Follow by Email

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement