පිපිඤ්ඤා වගාවට කෘෂි උපදෙස්



කුකුමිස් සැටයිවස් (Cucumis Sativus)

කුලය - කුකර්බිටේසි

ඉතා ජනප්‍රිය එළවළු බෝගයකි. සාම්ප්‍රදායික ලෙස පිසගත් ආහාරයක් වශයෙන් හා සලාද ආකාරයට ආහාරයට ගනු ලැබේ.

දේශගුණික අවශ්‍යතා

තෙත් කලාපයේ වසර පුරාම ද වියළි කලාපයේ මහ කන්නයේදීද වගා කළ හැකිය. මෙම බෝගය මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගා කළ හැකිය. උෂ්ණ පරිසර තත්ව ප්‍රියකරන බෝගයකි. බෝගයේ වර්ධනය සාර්ථක වීම සඳහා පැවතිය යුතු ප්‍රශස්ථ උෂ්ණත්වය සෙ.ග්‍රේ. 30˚ පමණ වේ.

පස

විවිධ ආකාරයේ පස් වර්ග පවතින ඉඩම් වල පිපිඤ්ඤා වගා කළ හැකිය. කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු හොඳින් ජලවහනය වන වන පස වගාව සඳහා සුදුසු වේ. පසෙහි දිගු කාලයක් ජලය රඳා පැවතීමේ තත්වයට බෝගය ඉතා සංවේදීය. සුදුසු පී.එච්. අගය 5.5 – 7.5 වේ.

බිම සැකසීම

ඉඩමේ වල් පැල ඉවත් කර සෙ.මී. 30 × 30 ×30 ප්‍රමාණයේ වලවල් නියමිත පරතරයට සකසන්න. දිරාපත් වූ කාබනික පොහොර කි.ග්‍රෑ. 3 පමණ, මතුපිට පස් සමඟ කළවම් කර වලවල් පුරවා ගන්න. පොලව මට්ටමේ සිට සෙ.මී. 10 පමණ උසට සිටින සේ මෙම මිශ්‍රණයෙන් වලවල් මුදුන් කර ගන්න.

නිර්දේශිත ප්‍රභේද

එල්.වයි.58 - ගෙඩිය කහපාටය. කළුපැහැති නෙරුම් ඇත. මධ්‍යම විශාලත්වයක් සහිත ගෙඩි සිලින්ඩරාකාරය.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 1

ග්‍රෑමයක බීජ 30 – 40 ක් අඩංගු වේ.

පරතරය

තනි වගාවක් සඳහා මීටර් 1 × මීටර් 1

බණ්ඩක්කා සමඟ මිශ්‍ර වගාවක් ලෙස ද පිපිඤ්ඤා වගා කළ හැකිය. එවිට ලබා දිය යුතු පරතරය සෙ.මී 120 × 90 කි. එකම වලෙහි බෝග දෙකටම අයත් බීජ සිටුවන්න.

පැල තුනී කිරීම

එක වලක පැල 2ක් පමණක් ඉතිරි වන ලෙස සති 2 දී වැඩි පැල ගලවා දමන්න.

පොහොර යෙදීම


වල් පැල පාලනය


බෝගය විසින් පොළව වසා ගන්නා තෙක් වගාවේ වල් පැල පාලනය කිරීම පිළිබඳව සැලකිලිමත් වන්න. පිදුරු හෝ වියළි තනකොල වැනි වසුන් යෙදීමෙන් ද වල් පැල වල වර්ධනය පාලනය කරගත හැක.

ජල සම්පාදනය

බෝගයට අවයශ්‍ය පරිදි ජලය සැපයීම සුදුසු නැත. පසෙහි තෙතමනය වැඩි වූ විට වැල් හා ගෙඩි කුණු වී යා හැකිය. එනිසා වගාව යට වන පරිදි ජලය හැරවීම නොකරන්න. වැල පාමුලට අතින් ජලය ලබා දීම හෝ කානු දිගේ වගාවට ජලය ලබා දී සෙමෙන් පසට උරාගැනීමට සැලැස්වීම හෝ කරන්න. වගාවේ පිදුරු වැනි වසුනක් යෙදීමෙන් පස වියළියාම අඩුකර ගත හැක.

පරාගනය

 මල් පරාගනය වන්නේ ප්‍රධාන වශයෙන් මීමැස්සන් මගිනි. ගෙඩි හටගන්නා මල් ඇති වන්නේ පිරිමි මල් හටගැනීම ආරම්භ වූවාට පසුය. වැඩි උෂ්ණත්වය සහ දිගු දිවා කාල පැවතීම මගින් ගෙඩි හටගන්නා මල් ඇති වීම ප්‍රමාද කරයි.

කෘමි පාලනය

අවුලකපෝරා කුරුමිණියා

වැඩුනු කුරුමිණියා විසින් පත්‍ර හා මල් ආදිය ආහාරයට ගනී. එමගින් ලපටි පැල සම්පූර්ණයෙන්ම විනාශ විය හැකිය. එසේම පැල ලපටි කාලයේදී කීටයින්ගේ හානියට ද ගොදුරු විය හැකිය.

කාබරිල් 85% වැනි නිර්දේශිත කෘමිනාශකයක් අවශ්‍ය විට, සති 2 කට වරක් බැගින් යොදන්න.

 එපිලැග්නා කුරුමිණියා

වැඩුන කෘමියා සහ කීටයා පත්‍ර ආහාරයට ගනී.

ට්‍රයික්ලෝෆෝන් (ඩිප්ටරෙක්ස් 50%) නිර්දේශිත අන්දහට වගාවට යොදන්න.

පළතුරු මැස්සා

කීටයින් විසින් ගෙඩි ඇතුළත සිදු කරන හානිය නිසා ගෙඩි කුණු වී වැටී යයි.

පිලා අවධිය විනාශ කිරීමට පස අවුස්සන්න. හානි වූ ගෙඩි වගාවෙන් ඉවත් කර විනාශ කර දමන්න. ෆෙන්තියෝන් 50% කෘමිනාශකය මල් හටගන්නා අවස්ථාවේ සිට සති 2 වරක් වගාවට යොදන්න. ජලය සමඟ මිශ්‍ර කරගත් කෘමිනාශක මිශ්‍රණයේ සෑම ලීටරයකටම සීනි ග්‍රෑම් 25 බැගින් කළවම් කර යෙදීම වඩා සුදුසුය.

රතු මයිටාවන්

 යුෂ උරා බීම නිසා පත්‍රවල කොල පැහැය අඩු වී දුඹුරු පැහැවී පහසුවෙන් කැඩෙනසුළු ස්වභාවයකට පත් වේ.

ඩයිමෙතොඒට් 40% නිර්දේශිත පරිදි යොදන්න.

කූඩිත්තා හා සුදු මැස්සා

විචිත්‍ර වෙෙරස් රෝගය පතුරුවන වාහකයන් වේ. රෝගී ශාක ගලවා විනාශ කර දමන්න. ඩයිමෙතොඒට් 40% කෘමිනාශකය සති 2 වරක් බැගින් යොදන්න.

රෝග පාලනය

යටි පුස් රෝගය

වර්ෂා කාලවලදී වැළඳිය හැකි දරුණුම රෝගයයි. රෝගය දරුණුවත්ම පත්‍ර හැලී යයි. පළමුව කහ පැහැති කෝණාකාර පුල්ලි හටගෙන පසුව දුඹුරු පාට වේ. පත්‍රයේ යටි පැත්තේ අළු පැහැති බීජානු දැකිය හැකිය.

ක්ලෝරොතැලොනිල් (ඩැකොනිල්) කැප්ටාන්, මැන්කොසෙබි, මැනෙබි වැනි දිලීර නාශකයක් සති 2 වරක් බැගින් වගාවට යොදන්න.

පිටිපුස් රෝගය

වැඩි පරිසර උෂණත්වයක් පවතින අවස්ථාවලදී වැළඳිය හැකි රෝගයකි.

රෝගී පත්‍ර කහපාට වේ. පත්‍රයේ දෙපසම සුදු පැහැති බීජානු දැකගත හැකිය. ක්ලෝරොතැලොනිල් (ඩැකොනිල්) වැනි දිලීර නාශකයක් රෝගය දරුණු අවස්ථාවලදී සති පතා යොදන්න.

මෘදු කුණුවීම

කඳෙහි පාමුල සහ පොළව සමඟ ස්පර්ශ වී ඇති ගෙඩිවල මෘදු කුණුවීමක් ඇති වේ. වගාව තුළ ජලවහනය දියුණු කරන්න.

ඇන්ත්‍රැක්නෝස් රෝගය

බෝගයේ සියළුම වායව කොටස්වලට වැළඳිය හැකිය. පත්‍රවල පළමුවෙන් කුඩා කහ පාට පුල්ලි හෝ තෙත් පැල්ලම් ඇති වී පසුව ක්‍රමයෙන් විශාල වේ. විශාල පුල්ලිවල මැද සිදුරු වේ. ගෙඩිවල ගිළුනු තෙත් පැල්ලම් හටගනී.

ක්ලෝරොතැලොනිල් (ඩැකොනිල්) වැනි දිලීර නාශකයක් නිර්දේශිත අන්දමට යොදන්න.

අස්වැන්න නෙලීම

ගෙඩි කහ පැහැවී ඇතිවිට නෙලාගන්න. පිහියක් වැනි ආයුධයකින් ගෙඩියේ නටුව කපා ගන්න. වැල් වල පාර්ශ්වික ශාකා සියල්ල වැඩීමට ඉඩ හැරියවිට හටගන්නා ගෙඩි ප්‍රමාණයෙන් කුඩා වේ. අස්වනු නෙලන වාර ගණන වැඩිකළ විට වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වැන්න

හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 20,000 – 25,000

අස්වැන්න සැකසීම

නෙලාගත් ගෙඩිවල ගුණාත්මය අඩු නොවී සතියක් පමණ කාලයක් තබාගත හැකිය. මෙයට වඩා කල් ගත වූ ගෙජි හැකිලීමට පටන්ගන්නා අතර අප්‍රසන්න රසයක්ද ඇති කරයි.

Share:

0 comments:

< >

Search This Post

Web Archive

Follow by Email

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement