ලොකු ළුෑණු වගාවට කෘෂි උපදෙස්

දේශගුණික අවශ්‍යතා

උෂ්ණත්වය, දිවා කාලයේ දිගු බව සහ වර්ෂාපතනය ලොකු ළුෑණු වගාවේ අස්වැන්න කෙරෙහි බලපාන ප්‍රධාන දේශගුණික සාධක වේ. වගාව ආරම්භයේදි මෙන්ම අවසාන කාල සීමාවේදි ද තද වර්ෂාව පැවතීම සුදුසු නොවන අතර විශේෂයෙන්ම බල්බ මෝරන අවස්ථාවේදී මාස 1-1 ½ පමණ වියළි උණුසුම් කාලගුණයක් පැවතීම අතිශයින්ම වැදගත් වේ.

පස

වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන රතු දුඹුරු පසෙහිද රෙගොසෝල් පසෙහි සහ ඇල දොළ ආශ්‍රිතව දක්නට ලැබෙන සියළු පසෙහිද ලොකුළුෑණු සාර්ථකව වගා කළ හැකිය.

වගාවට සුදුසු කාලය

සකස් කර ගත් බීජ, පැල හෝ වියළි බල්බ යල කන්නයේ අප්‍රේල් මස අවසානයේ සිට ජුනි මස මැද භාගය දක්වා සිටුවීම කළ හැකි අතර මහ කන්නයේ වගා කරන්නේ නම් දෙසැම්බර් මැද සිට ජනවාරි මැද දක්වා කාලය තුළ සිටුවීම කළ හැක. නමුත් මහ කන්නයේ පවතින කාලගුණික තත්වයන් ළුෑණු වගාවට එතරම් සුදුසු නොවේ.

තවාන් පාලනය

මාර්තු මස මැද සිට මැයි අග දක්වා වු කාලය බීජ තවාන් කිරීමට වඩාත් සුදුසුය. හොඳින් හිරු එළිය ලැබෙන, ජල වහනය සතුටුදායක, මෑතකදී ළුෑණු වගා නොකළ බිමක් තෝරා ගත යුතුය. සෙ.මී. 20 ක් පමණ ගැඹුරට පස පෙරළා ගල්, බොරළු සහ වල් පැළෑටි ඉවත් කර, දිග මීටර් 3, පළල සෙ.මී. 75, උස සෙ.මී. 15 වන සේ පාත්ති සකසන්න. හොඳින් දිරාපත් වූ කාබනික පොහොර කූඩා 2-3 ක් එක් පාත්තියකට වැටෙන සේ හොඳින් පස සමඟ මිශ්‍ර කර සකසා ගත් පාත්ති පිළිස්සීම මගින් හෝ හිරු එළිය මගින් හෝ රසායනික ද්‍රව්‍ය යොදා ජීවාණුහරණය කළ යුතුය.

තවාන් පොහොර - එක් පාත්තියක් සඳහා

බිම් සකස් කිරීම


බීජ තවාන් දැමීමට පෙර කැප්ටාන්, තිරාම් හෝ තයෝෆනේට් මීතයිල් + තිරාම් වැනි දිලීර නාශකයකින් ප්‍රතිකාර කිරීම කළ යුතුය. තවාන් දැමීම, බීජ පේලියට දැමීම හෝ බීජ වැපිරීම මගින් කළ හැකිය. තවාන් කාලය තුළ ජල සම්පාදනය, වල් මර්ධනය හා තවාන් ආවරණය කිරීම අවශ්‍ය වේ.


සිටුවන ළුෑණු පැළ ඉතා සියුම් බැවින් බිම වල් පැළ හා පස් කැට රහිතව මානවින් හා සියුම්ව සකස් කර ගත යුතුය. පස සකස් කිරීමේදී සීසාන ලද ඉඩම කිහිප දිනක් හිරු එළියට නිරාවරණයකර ගැනීමෙන් වගාවට රෝග ඇතිවීම අඩු කර ගත හැකිය.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයක් වගාකිරීමට අවශ්‍ය බීජ පැළ හෝ වියළි බල්බ ලබා ගැනීම සඳහා උසස් ගුණාත්මයෙන් යුතු බීජ කි.ග්‍රෑ 6- 7  ක් අවශ්‍ය වේ.

නිර්දේශිත ප්‍රභේද 

*රසායනික පොහොර වලට අමතරව කාබනික පොහොර එක් කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැක. (අක්කරයකට ටොන් 10 – 12 ක් පමණ)


සති 4 – 5 පමණ වයසැති පත්‍ර 3 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති නිරෝගී පැළ පමණක් සිටුවීමට ගත යුතුයි.


සිටුවීම සහ පරතරය

*රසායනික පොහොර වලට අමතරව කාබනික පොහොර එක් කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැක. (අක්කරයකට ටොන් 10 – 12 ක් පමණ)


පේලි අතර පරතරය - සෙ.මී. 10

-      පේලියක පැළ අතර පරතරය - සෙ.මී. 10

-      පැළ සිටුවීමේ ගැඹුර - සෙ.මී. 1 – 1.5

-      වඩා ගැඹුරින් පැළ සිටුවීම නොකළ යුතුය.

*පැළ ප්‍රතිකාර කිරීම සඳහා තිරාම් 80% ග්‍රෑම් 15ක් හෝ තයෝෆනේට් මිතයිල් 70% WP (ටොප්සීන්) ග්‍රෑම් 20 ක් ජලය ලීටර් 10 ක කලවම් කර සකසා ගත් මිශ්‍රණයෙන් විනාඩි 30 ක් ගිල්වා තබන්න.

ජල සම්පාදනය

ඉතා හොඳින් ජලය බැසයන ඉඩමක වගා කර ඇත්නම් පැළ සිටුවා පළමු මාසයේදි දින 2 – 3 කට වරක් බැගින් ජලය සපයන්න. අස්වනු නෙලීමට සති දෙකකට පෙර ජලය යෙදීම නවත්වන්න.

වල් මර්ධනය                                                                                      

වානිජමය වගාවක වල් පැළෑටි අතින් නෙලීම අපහසුය. එම නිසා වල් නාශක භාවිතා කිරීමට සිදු වේ. වගාබිමේ ඇටවරා, කලාඳුරු වැනි භූගත කොටස් සහිත වල් පැළ තිබේ නම් පැළ සිටුවීමට දින 14 කට පෙර ග්ලයිපොසේට් වල් නාශකයෙන් හෙක්ටයාරයකට ලීටර් 4 – 6 ක් (අක්කරයකට මිලි ලීටර් 1600 – 2400 ක්) යොදන්න. පැළ සිටවු වහාම ඇලක්ලෝර් හෝ ඔක්සිෆලූවොර්ෆෙන් පූර්ව නිර්ගමන වල් නාශකයක් යෙදිය යුතුය.

පලිබෝධ පාලනය

පැල මැක්කා

හානිය

තද හිරු එලිය නොමැති උදය සහ සවස් කාලවල සෙමින් පැළ සෙලවූ විට පැල මැක්කන් රංචු ලෙස ඉගිලෙනු දැකිය හැකිය. පත්‍රවල සුදු පැහැති සීරීම් දක්නට ලැබේ. හානිය දරුණු විට පත්‍ර ඇඹරී වියළී යයි. මෙමගින් බල්බවල ගබඩා කාලය අඩු වේ.

කෘමි නාශක

තයක්ලෝප්‍රීඩ්

ළුෑණු පත්‍ර දළඹුවා

හානිය

බිත්තර කැදලි ලෙස පත්‍ර මත තැම්පත් කරයි. බිත්තර වලින් පිටවන කොල පැහැති දළඹුවා පත්‍රවල කොල පැහැති කොටස් ආහාරයට ගනී. පසුව පත්‍රය තුළට ඇතුළු වී එය තුළ සිට පත්‍ර කොටස් කා දමයි.

පාලනය

බිත්තර කැදලි එකතු කර විනාශ කරන්න. වැඩෙමින් පවතින වගාවකට හානි කරන විට පහත සඳහන් කෘමි නාශකයක් භාවිතා කරන්න.

කෘමිනාශක

ක්ලෝර්ෆ්ලුඑසුරෝන්

රෝග පාලනය

දිලීර මඟින් ඇතිවන බල්බ කුණුවීම

රෝග ලක්ෂණ

බල්බ කුණු වී මුල් මැරී යයි. පිටතින්ම ඇති පත්‍ර අග සිට පහලට කහ පැහැ ගැන්වේ.

පාලනය

සුදුසු දිලීරනාශකයකින් බීජ ප්‍රතිකාර කිරීම තවානේ වැඩි ගැඹුරකින් බීජ නොදැමීම, ජල වහනය දියුණු කිරීම, ජලය සපයන කාලාන්තරය වැඩි කිරීම, රෝගී වගාවන් හරහා ජලය සැපයීම වැලැක්වීම. රෝගී පැල පස් සමඟ ඉවත් කර එම ස්ථානය සහ අවට පස පහත සඳහන් දිලීර නාශකයකින් තෙත් කරන්න.

තයෝෆනේට් මිතයිල් හෝ තිරාම්

බැක්ටීරියා මෘදු කුණුවීම

රෝග ලක්ෂණ

මුලින් ම ලපටි පත්‍ර කඩා වැටේ. බල්බ මිරිකූ විට කුණු වූ කොටස පහසුවෙන් එලියට එයි. කුණු වූ බල්බ වලින් ගෙන්දගම් ගඳට සමාන සැර ගඳක් හමයි.

පාලනය

මෙය බැක්ටීරියා ආසාදනයක් නිසා රසායනික ද්‍රව්‍ය යොදා පාලනය කළ නොහැකිය. එමනිසා රෝගී පැළ වගාවෙන් ඉවත් කිරීම , භෝග මාරුව අනුගමනයකිරීම, වගාවට ජලය සපයන කාලාන්තරය වැඩි කිරීම,රෝගී වගාවන් හරහා ජලය ගමන් කිරීම වැලැක්වීම වැනි ක්‍රම අනුගමනය කරන්න.

දම්පැල්ලම් රෝගය

ජනවාරි, පෙබරවාරි වැනි මාස වලදී බහුල වශෙයන් වැලඳිය හැකි රෝගයකි. තෙත් කාලගුණයක් පවතින විට මෙම රෝගය සුලබය.

රෝග ලක්ෂණ

මුලින් පත්‍ර පුරා සුදු පැහැති ලප ඇති වේ. පසුව මෙම ලප එකින් එකට සම්බන්ධ වී විශාල වේ. අවසානයේ දුඹුරු පැහැයට හුරු පැල්ලම් බවට පත් වේ. එම පැල්ලම් වටා දම් පැහැයක් දිස්වේ.

පාලනය

රෝග ලක්ෂණ දුටු විට පහත සඳහන් දිලීර නාශකයක් යොදන්න.

ටර්බුකොනසෝල්, ප්‍රොපිනෙබ්, ක්ලෝරොතැලොනිල්, හෝ මැන්කොසෙබ්

පත්‍ර දඟර රෝගය (ඇන්ත්‍රැක්නෝස් රෝගය)

වැසි සහිත කාලගුණයක් ඇතිවිට හානිය දරුණු වේ. බල්බ සඳහා වන ළුෑණු වගාවල මෙන්ම බීජ සඳහා වන වගා වලටද වාළඳිය හැකිය.

රෝග ලක්ෂණ

වගාවේ මුල් අවධිය රෝගය වැළඳුනු විට පත්‍ර දඟර ගැසේ. පරනත වගාවක නම් පත්‍ර මත මිලි මීටර් 2 – 3 පළල ඕවලාකාර පැල්ලම් ඇති වේ. එවිට මල් නටුව කඩා වැටේ.

පාලනය

වර්ෂාවට හසු නොවන සේ වගාව ආරම්භ කිරීම, නිරෝගී වගාවකින් බීජ සහ බල්බ තෝරා ගැනීම, බීජ ප්‍රතිකාර කිරීම වැනි ක්‍රම අනුගමනය කරන්න. වගාවේ රෝග ලක්ෂණ දුටුවිට පහත සඳහන් දිලීර නාශකයක් ජලය ලීටර් 10ක මිශ්‍ර කර ඉසින්න.

මැන්කොසෙබ් හෝ ක්ලෝරොතැලොනිල්

අස්වනු නෙලීම සහ ගබඩා කිරීම

අස්වැන්න නෙලීමට සති 3 කට පමණ පෙර සිට කෘමිනාශක, දිලීර නාශක යෙදීමද සති 2කට පෙර සිට ජල සැපයුමද නතර කරන්න.

පරිනත වගාවක පත්‍ර කහපාට වන අතර, ගෙල ප්‍රදේශයෙන් කඩා වැටේ. වගාවෙන් 50%කට වඩා පැල සංඛ්‍යාවක් මෙම තත්වයට පත් වූ පසු ලෑල්ලක් අධාරයෙන් තද කර ඉතිරි පැල වලද ගෙල ප්‍රදේශයෙන් කඩා දමන්න.

සති 2කට පසු බල්බ ගලවා පවනේ වියළා පදම් කර ගන්න. තද අව්වට භාජනය නොකරන්න. බල්බයේ ගෙල ප්‍රදේශයේ කොල පැහැය නැති වී දුඹුරු පැහැයට හැරුණු පසු ගෙල ප්‍රදේශයෙන් අඟලක් පමණ ඉතිරි කර පත්‍ර කපා ඉවත් කර ලී පටි සහ දැල් අධාරයෙන් සාදා ගත් තට්ටු මත ගබඩා කර තැබිය හැක. නැතහොත් වියළි පත්‍ර මගින් එකිනෙකට ගැටගසා මිටි ලෙස බැඳ එල්ලා තිබිය හැකිය.

ගබඩාව වැහි පිනි වලින් ආරක්ෂා විය යුතු අතර හොඳින් වාතනය විය යුතුය. ගබඩාව නිතරම පරික්ෂා කර කුණු වූ බල්බ ඉවත් කරන්න.

වැඩි විස්තර සඳහා

අධ්‍යක්ෂ,

ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය,

මහඉලුප්පල්ලම

දුරකතන : 025 – 2249177

                   025 – 2249132

Share:

0 comments:

Search This Post

Web Archive

Follow by Email

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement