තක්කාලි වගාවට කෘෂි උපදෙස්


සොලනම් ලයිකොපර්සිකම් - Solanum lycopersicum

කුලය - සොලනේසි

ලංකාවේ උඩරට තෙත්  කලාපයපැහැර අනිකුත් සියලුම කෘෂි දේශගුණික කලාපවල තක්කාලි වගාකළ හැකිය. එය ගොවියාට සාර්ථක ආදායම්ක් උපයාදෙන, සැලකිය යුතු අපනයන විභවයක් ඇති හා විටමින් ඒ,  සී හා ඛනිජ පදාර්ථ අඩංගු බෝගයක් ද වේ.

නිර්දේශිත ප්‍රභේද

කේ.ඩබ්.ආර්.(ට්.62)

පදුරු තක්කාලි ප්‍රභේදයකි. බැක්ටීරියානු හිටු  මැරීමට හොඳින් ඔරොත්තු දේ, ගෙඩියක   සාමාන්‍ය බර  ග්‍රෑම් 50 ක් පමණය.

 රෝමා

පඳුරු තක්කාලි ප්‍රභේදයකි. වඩා සුදුසු වන්නේ උඩරට අතරමැදි කලාපයටය. ගෙඩියක  සාමාන්‍ය බර ග්‍රෑම් 100ක්  පමණ වේ. තද පොත්තකින් යුක්තය.

මාර්ග්ලෝබ්

වැල් තක්කාලි  ප්‍රභේදයකි.  වඩාත් සුදුසු වන්නේ උඩරට අතරමැදි කලාපයට ය.  ගෙඩියක සහ සාමාන්‍ය බර ග්‍රෑම් 100ක් පමණය. තද පොත්තකින් යුක්තය.

බියන්ස් (ට්.89)

අර්ධ වශයෙන් වවැල් ආකාරයට වැඩෙන තක්කාලි ප්‍රභේදයකි. උඩරට අතරමැ මැද කලාපයට කලාපයට වඩාත් සුදුසුය. ගෙඩියක සාමාන්‍ය  බර ග්‍රෑම්  100  පමණ වේ. තද පොත්තක් සහිතය.

ට් . 146

පඳුරු තක්කාලි ප් ප්‍රභේදයකි. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 90 ක්  පමණ වේ. තද පොනවේ තද පොත්තක් ඇත. බැක්ටීරියානු හිටුමැරීමේ රෝගයට, නෙමටෝඩාවන්ට ප්‍රතිරෝධීය, කොල කොඩ කොඩවීමේ  වෛරස් රෝගයට  ශ්‍රේෂ්ත්‍රයේ ඔරොත්තු දීමත්  පෙන්වයි.

විහාර 2

 F1 දෙමුහුම් ප්‍රභේදයකි. වර්ධන විලාශය පඳුරක් වැනිය.  ගෙඩියක සාමාන්‍ය   බර ග්‍රෑම් 65  පමණ වේ.  තද පොත්තක් සහිතය.

තිලිණ

අපිරිමිත වර්ධනයක් සහිත වැඩි අස්වනු දෙන  ප්‍රභේදයකි. දින 45  දී මල් පිපෙන අතර මාස 2 1/2  di  පළමු අසන්න ලබාදේ. අවම වශයෙන් වාර 12ක් පමණ   අස්වානු ලබාගත හැකිය. සලාද සඳහා මෙන්ම විවිධ නිෂ්පාදන සැක සැකසීම සඳහා    සුදුසු මෙම   ප්‍රදේශ්යේ ගෙඩි තද ස්වභාවයකින් යුක්ත නිසා  ප්‍රවාහනයේ  දී  සිදුවන හානි වලට  හොඳින් ඔරොත්තු දේ,   ගෙඩියක සාමාන්‍ය  බර ග්‍රෑම් 85  - 95 පමණ වේ. ඉදුණු ගෙඩි තැඹිලි රතු පාටය. ගෙඩියක් තුළ අඩංගු බීජ ප්‍රමාණය වෙනත් බොහෝ වර්ග වල්ට වඩා අඩුය.

රවී

වැඩි පරිසර උෂ්ණත්වයක් පවතින ප්‍රදේශ සඳහා විශේෂයෙන් ගැලපෙන ප්‍රභේදයකි. පරිමිත වර්ධනයක් සහිතයි. ඉදුණු ගෙඩි තැඹිලි- රතු  පාටය. පසු අස්වනු හානි  අඩුය.  ගෙඩි පිපිරීමට හා හිටුමැරීමට තරමක් ඔරොත්ඔබේ දේ.

තරිඳු

හිටුමැරීමට  හොඳින් ඔරොත්තු දෙන තද රතු පැහැති මදයක්  සහිත රවුම් ගෙඩි හටගන්නා වර්ගයකි. විවිධ තක්කාලි නිෂ්පාදන සැකසීම සඳහා  විශේෂයෙන් සුදුසුය.  ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 43  පමණ වේ.

 බීජ අවශ්‍යතාවයවය

 හෙක්ටයාරයකට -    ග්‍රෑම් 300 -  400

තවාන් පිළියෙල කිරීම

මීටර් 1  ක් පළල x මීටර 3 ක් දිග තවාන් පාත්ති 20ක්  හෙක්ටයාරයක් සදහා  අවශ්‍යය.

පාත්ති වටා කාණුව,  සෙ.මී. 45 ක් පළලට සකසන්න.  තවාන් පාත්ති සෙ.මී. 18 - 20 පමණ උස් විය යුතුය.

මතුපිට පස් හා කොම්පෝස්ට්  සම ප්‍රමාණවලින්  මිශ්‍රකර, සෙ.මී.5 පමණ ඝනකම තට්ටුවක් සේ පාත්තිය මත අතුරන්න.

ජීවානුහරනය

රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් -

 කැප්ටාන්/ තිරාම්  යොදා

පිලිස්සිම   මගින් -

පාත්තිය හොදින් තෙමා මාරුවෙන්  මාරුවට  දහයියා හා පිදුරු තට්ටු  වශයෙන් දමා පුළුස්සා ගන්න.

 බීජ තවාන් දැමීම

 සුදුසු කාලය

මාර්තු  මැද හෝ අගෝස්තු මස අගදී 

බීජ ප්‍රතිකාර කිරීම

බීජ ග්‍රෑම් 125  කට  දිලීරනාශක  ග්‍රෑම්  2 ක් (උදා: කැප්ටාන්/තිරාම්)

තවානේ පේලි අතර පරතරය සෙ.මී. 12 - 25  ක් වනසේ බීජ තුනීව දමන්න.

බීජ සිටුවන ගැඹුර

සෙ.මී. 0.5 - 1.0 කි. තුනී පස් තට්ටුවකින් බීජ වසන්න. ඉන්පසු පාත්තිය පිරිසිදු පිදුරු වැනි ද්‍රව්‍යයකින්  දෝණිව වසන්න. දිනපතා ජලය දමන්න.

  අධික වැස්සෙන්/  හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තවාන ආවරණය කරන්න. දින 7 කින් පසු වසුන ඉවත්  කරන්න. දින 8 -  10 තුළදී පැල තුනී කරන්න. වල් පැලෑටි අතින් ගල්වා දමන්න.

පැල ගැලවීමටට දින කිහිපයකට කලින් පැල දැඩිකිරීම සදහා තවානට  ජලය අඩුවෙන් සැපයීම් හා වැඩි වෙලාවක් හිරු එළියට පැල නිරාවරණය කිරීම වැදගත්ය.

කෙෂ්ත්‍රය පිළියෙල කිරීම

පෙර කන්නයේ සොලනේසියේ කුලයේ ( මිරිස්, බටු, අර්තාපල්) බෝග වගා නොකල ඉඩමක් වගා සඳහාත් තෝරා ගන්න.

ගැඹුරු පස් පෙරලීම කින් පසු   පොළොව මට්ටම් කොට මනාව ජලය බැසයන පරිදි ඉඩම සකසා ගන්න.

කෙෂ්ත්‍රයේ සිටවීම

පැල ගැලවීමටට දිනකට පෙර තවාන් හොදින් තෙත් කරන්න.

තවානේ පැල දින 14 - 21  අත්ර ගල්වා  සිටවන්න.

(ටොන් 6 - 12 / හෙක්ටයාරයකට)

 සමතලා පාත්ති වල හෝ උස් පාත්ති වල හෝ පැල සිටවීම කරන්න. පැල සිටුවා අධික හිරු රැස් ඇති නම් පැලවල මුල්  වැඩෙන තෙක් ආවරණය කොට තබන්න.

පොහොර යෙදීම

 සක්සා ගත් වලවල් වලට පැල සිටුවීමට දින 2 - 3   පෙර කාබනික පොහොර සහ මුලික පොහොර වශයෙන් යෙදිය යුතු රසායනික පොහොර  යොදා පස් සමග මිශ්‍ර කරන්න. කාබනික පොහොර වශයෙන් හෙක්.ටොන් 10 පමණ කුකුල් පොහොර ද යෙදිය හැකිය.

රසායනික  පොහොර


බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙකි.කි.ග්‍රෑ  220 යොදන්න.

ජල සම්පාදනය

ගස් වලට ප්‍රමාණවත් ලෙස ජලය ලබාදෙන්න.  වැඩිපුර ජලය යෙදීම සුදුසු නැත. විශේෂයෙන්  වියලි කාලයකට පසු වැඩිපුර ජලය යෙදුවොත් ගෙඩි පිපිරීමට ඉඩ තිබේ.

 වල් මර්ධනය

 පැල සිටුවා සති 3 දී  හා 6   දී  සිදු කරන්න.

ආධාරක සිටුවීම

 ගස්  ඇද වැටීම  වලකා ගැනීම සඳහා  මල් පිපීම ආරම්භ වීමට කලින් ගස් අසල සිටුවා ගත්  කොටුවලට ගස් තබා ප්‍රවේශමෙන් බඳින්න.

 කෘමි පාලනය

 තක්කාලි ගෙඩි විදින පණුවා

හානියේ ලක්ෂණ

කුඩා පනුවා කෙටි කාලයක් පත්‍ර කමින්  ක්‍රමයෙන් ගෙඩි විදීමට  පටන් ගනී.  ගෙඩි වල සිදුරු  දක්නට ලැබේ.

පාලනය

පහත සඳහන් කෘමිනාශක වලින් එකක් වගාවට යොදන්න.

ක්ලෝෆ්ලුවසුරෝන් - මී.ලී. 10

50 g/l (ඇටබ්‍රොන්) 

බැසිලස් තුරෙන්ජිඑන්සින් - ග්‍රෑම්  45 (බී.ටී.)

ඉහත කෘමිනාශක වල නියමිත ප්‍රමාණය ජලය ලීටර 10 ක බැගින් දියකර ඉසින්න.

මල් හා ගෙඩි හට හටගන්නා අවධියේදී කෘමිනාශක ඉසය  යුතුය. අවශ්‍ය  නම් පමණක් දින 14 කට වරක්  කෘමිනාශක ද දින 10 වරක්  බී.ටී ද යෙදීම වඩා සුදුසුය. අස්වැන්න නෙලීමට දින 14  පෙර කෘමිනාශක යෙදීම් නවත්වන්න.

කියත් පණුවා

හානියේ ලක්ෂණ

කුඩා පැළවල කද  කපා විනාශ කර දමයි.

පාලනය

 ක්ෂේත්‍රයේ පස හොඳින් පෙරලා  හිරු එළියට නිරාවරණය කරන්න.

 සිටුවන අවස්ථාවේ  හෙක්ටයාර 1 කට කාබොෆියුරාන් 3%  කි. ග්‍රෑ. 22 - 35 අත්ර  ප්‍රමාණයක් පස්ට කළවම් කරන්න.

එසේ නැත්හොත්

පහත සඳහන් කෘමිනාශක වලින් එකක් පැල   සිටුවීමෙන් පසු පැළය වටා පස්  තෙමෙන සේ යොදන්න.

ට්‍රයික්ලෝෆෝන්, 500 g/l - මී.ලි.37(ඩ්ප්ටෙරෙක්ස්)

ප්‍රෝෆෙනොෆොස්, 500 g/l - මී.ලි.23 (සෙලික්‍රෝන්)

ප්‍රෝතියොෆොස්, 500 g/l - මී.ලි.30 (ටෝකුතයොන්)

ක්ලෝෆ්ලුව්සුරෝස්, 50 g/l - මී.ලී. 10 (ඇටබ්‍රෝන්)

ඉහත කෘමිනාශක ප්‍රමාණ ජලය ලීටර 10 ක බැගින් මිශ්‍රකර යොදන්න.

රෝග පාලනය

තවාන් රෝග

දිලීර වර්ග කිහිපයක් නිසා දියමලන්කෑම නොහොත් පාමුල කුණුවීම ඇති විය හැක.

රෝගී පැළවල  කදෙහි පාමුල ප්‍රදේශ්ය කුණුවී පැල ඇද වැටී හෝ මැලවී පසු බැරියයි.

 පාලනය

 තවාන්  පසේ රෝග ඇති කරන දිලීර වර්ග ඇති බැවින් තවාන් සකස් කරන විට තවාන් පාත්ති වල පස පුළුස්සා ගන්න.   එසේ  නොමැතිනම් පහත සඳහන් දිලීර නාශක වලින් එකක් දියකර පස හොදින් තෙමෙන සේ මල් බාල්දියකින් පසට යොදන්න.

කැප්ටාන් 50%  - ග්‍රෑම් 6

කැප්ටාන් 80%  - ග්‍රෑම් 4

ක්ලෝරෝතැලොනිල් (ඩැකොනිල්) - ග්‍රෑම් 6

තිරාම් - ග්‍රෑම් 7

තයොෆනේට් මිතයිල් (ටෝප්සින්) - ග්‍රෑම් 3

ඉහත දිලිරනශක ප්‍රමාණය ජලය ලිටර 5 ක දියකර වර්ග මීටර 2කට යොදන්න. නැතහොත් පහත සදහන් දිලීරනාශක සමග මිශ්‍ර කර බිජ සිටුවන්න.

කැප්ටාන් 50% - ග්‍රෑම් 6

කැප්ටාන් 80%  - ග්‍රෑම් 4

තිරාම්  -  ග්‍රෑම් 4

දිලිර මැඩලීම

දිලිර වර්ග කිහිපයක් නිසා ඇතිවේ.

රෝග ලක්ෂණ

ගස මැලවී යයි. ගසේ පාමුල හා මුල් කුණුවී යයි. සමහරවිට මුල් හා පාමුල කොටසේ සුදුපාට දිලිර දැකිය හැක.

පාලනය

කාණු ගැබුරු කර හොදින් ජලය බැස යාමට සලස්වන්න. ඉහත දිලිරනාශක  රෝගී පැලයේ මුල් හා ඒ අවට ඇති පැලවල මුල් හොදින් තෙමන සේ මල් බල්දියකින් යොදන්න.

බැක්ටීරියා හිටුමැරීම

පසේ ඇති බැක්ටීරියාවක් මගින් ඇතිවේ.

රෝග ලක්ෂණ

පැල මැරීම සිදු වේ. ගසේ පාමුල හෝ මුල් කුණුවිමක් පිටතින් දක්නට නොලැබේ. පස මට්ටමට අගලක් පමණ උඩින් කදකපා පිරිසිදු වතුර භාජනයකට දැමුවිට කිරිපාට නුල් මෙන් බැක්ටීරියා පිටතට පැමිණේ නම් මෙය බැක්ටීරියා හිටුමැරිම බව ස්ථිරවම නිගමනය කලහැක. මේ අනුව දිලිර හිටුමැරීමෙන් මෙය වෙන්කර හදුනාගත හැකිය.

පාලනය

කාණු ගැඹුරු කර හොදින් ජලවහනය ඇති කරන්න. ප්‍රතිරෝදී වර්ග වගා කරන්න. KWR ඉතාමත් ප්‍රතිරෝධීය. T- 146, තරමක් මෙයට ප්‍රතිරෝධීවේ.

පසට කාබනික පොහොර යොදන්න.

අංගමාරය

රෝග ලක්ෂණ

කොළවල හා කදේ දුඹුරු හෝ කළුපාට පුල්ලි ඇතිවේ. ඒවා වැසි හෝ මිදුම සහිත කලගුනයේදී ඉක්මනින් විශාල වී කුණුවී යයි. පුල්ලිවල්ට උඩින් ඇති ගසේ කොටස් කඩා වැටීම හෝ මැලවීම සිදුවේ. මෙම පිල්ලි ගසේ ඕනෑම තැනක ඇතිවය හැක. ගෙඩිවලද එම පුල්ලි ඇතිවේ.

පාලනය

වැසි සහිත කාලගුණයක් ඇතිවිටදී රෝගය ඉක්මනින් පැතිරී ගස් සියල්ලමවිනාශ වී යා හැකි බැවින් රෝග ලක්ෂණ දුටුවහාම පහත දිලීරනාශක වලින් දෙකක් තොරාගන මාරුවෙන් මාරුවට සති 2කට වරක් යොදන්න.

ක්ලෝරෝතැලොනිල් (ඩැකොනිල්) - මී.ලී. 30

ප්‍රෙපිනෙට් (ඇන්ට්‍රකෝල්)  - මී.ලී. 20

මැන්කොසෙබ් - මී.ලී. 20

මානෙබ් - මී.ලී. 25

ප්‍රෝපමොකාබ් (ප්‍රෙවිකර්) - මී.ලී. 35

ඉහත දිලිර නාශක ප්‍රමාණය ජලය ලීටර  10ක දියකර ගස් හොදින් තෙමෙන සෙ යොදන්න.

නිර්දේශිත ආකාරයට පොහොර මිශ්‍රන යොදන්න. වැඩියෙන්  යුරියා පොහොර නොයෝදන්න.

රෝගී ගස් හා ගෙඩි ක්රෙශ්ත්‍රයේන් ඉවත්කර විනශ කර දමන්න.

පිටිපුස් රෝගය

රෝග ලක්ෂණ

සුදු පාට පිටි වැනි දිලිරයේ කොටස් කොලවල යටි පැත්තේ මුලින්ම ඇති වේ. මේ නිසා කොලවල උඩපැත්ත කහපාට වේ.

පාලනය

රෝග ලක්ෂණ දුටු වහාම සල්ෆර් කුඩු ග්‍රෑම් 50 ජලය ලීටර 10ක් දියකර ඉසින්න. අවශ්‍ය නම් නැවත සතියකින් ඉසින්න.

ඇන්ත්‍රක්නොස් රෝගය

රෝග ලක්ෂණ

ගෙඩි කුණුවීම හා කද ඉහල සිට කුණුවීම. මල් හලියම සිදු වේ. වැසි සහිත කලගුනයේදී රෝගය දරුණු වේ.

පාලනය

පහත සදහන් දිලීරනාශක වලින් එකක් යොදන්න.

ක්ලෝතැලොනිල් (ඩැකොනිල්)  - ග්‍රෑම් 20

මැන් කොසෙබ් - ග්‍රෑම් 20

මැනෙබ් - ග්‍රෑම් 20

කාබන්ඩසිම් (බැවිස්ටින්) - ග්‍රෑම් 7

ඉහත දිලිර නාශක ප්‍රමාණ ජලය ලීටර 10 ක දියකර ඉසින්න.

ගෙඩිවල යට කුණුවීම

මෙය බෝගයකට ලැබෙන ජල ප්‍රමාණය  වැඩිවීම හෝ අඩුවීම නිසා ඇතිවන්නකි.  

රෝග ලක්ෂණ

ගෙඩියේ යටි පැත්ත කුණුවේ.

පාලනය

වතුර වැඩි කාලවලදී කාණු ගැබුරු කර වතුර බැස යාමට සලස්වන්න.

වතුර හිග කාලවලදී වතුර සපයන්න.

තෙතමනය ඒකාකාරිව පවත්වා ගැනීමට පිදුරු, කොළ වර්ග අඩිය යොදා පැල අවට වසුන් කරන්න.

වෛරස් රෝග

ලංකාවේ තක්කාලි වගාවට බලපාන වෛරස් රෝග කිහිපයකි.

පිපිඤ්ඤා  විචිත්‍ර  වෛරසය (CMV)

දුම්කොළ විචිත්‍ර  වෛරසය (TMV)

ටෝමැටෝ ස්පොටඩ් විල්ටි  වෛරසය (TSWV)

තක්කාලි කහපැහැ කොළ කොඩවීමේ  වෛරසය (TYLCY)

කර්ලි ටොප්  වෛරසය (CT)

CWV රෝග ලක්ෂණ

ශාක කුරුවීම, පත්‍ර සිහින්වීම, ගෙඩි කුදවිම, අඩුවීම හා ප්‍රමාද වී මේරීම.

බෝවීම

කුඩිත්තන් මගින් රෝගී ශාක වල යුෂ නිරෝගී ශාක වල තැවරීමෙන්, වල්පැලෑටි බිජ මගින්

පාලනය

වල් පැලෑටිවිනාශ කිරීම.

පිපිඤ්ඤා  කුලයේ හා සොලනේසි කුලයේ බෝග සමග මිශ්‍ර තක්කාලි වගාවක් ලෙස වගා නොකිරීම.

රෝගී පැල ඉවත් කිරීම.

රෝග වහකයාගේ ගහනය අඩුකර ගැනීමට නිර්දේශිත කෘමිනාශක යෙදීම.

TMV රෝග ලක්ෂණ

 ශාක කුරුවීම

පත්‍ර, මීවන පත්‍ර මෙන් සිහින්ව දික්විම.

පත්‍ර  විචිත්‍රය  හා පත්‍ර රැලි ගැසීම.

ගෙඩි ඉදීම ඒකාකාරිව සිදුනොවීම.

බෝවීම

රෝගී ශාක වලින් ලබාගත් බිජ මගින්

රෝගී වගාවන්හි පස් හා මුල් මගින්

රෝගී ශාක කොටස් මගින්

පාලනය

අසාදිත ශාක පුළුස්සා දැමීම, පිරිසිදු බිජ බාවිතය, බිජ ප්‍රතිකාර යෙදීම, ට්‍රයිසෝඩියම් ඩ්කෝ පොස්පෙට් ද්‍රවනයේ විනාඩි 15 ක් බිජ තබා ජලයෙන් සෝදා බිජ වේලීම.

TSWS රෝග ලක්ෂණ

පත්‍රවල තඹ පැහැයක් ඇති වේ.

ලපටි පත්‍ර මත  තද පැල්ලම් හට ගනී.

අග්‍රස්ථය මියයාම හස් ශාක කද මත ඉරි ඇතිවේ.

අතු මැලවී කඩා වැටේ. ගෙඩි මත රවුම් පැල්ලම් ඇතිවේ .

බෝවීම

පැල මැක්කන් මගින්, බිජ මගින්, ශාක යුෂ මගින්,

පාලනය

වල් පැලෑටි විනාශ කිරීම, රෝගී පැල ඉවත් කිරීම, නිරෝගී බිජ භාවිතය, වාහකයාගේ ගහණය අඩුකිරීම, නිර්ද්ෂිත කෘමිනාශක යෙදීම.

TYLCV රෝග ලක්ෂණ

කදෙහි අග්‍රස්ථ සෘජුව තිබීම හා පසුව කෙටිවීම.

පත්‍ර කුඩා වීම.

පත්‍ර උඩට හෝ යටට හැකිලීම.

වර්ධනය බාලවීම.

බෝවීම්

සුදුමැස්සා මගින් බෝවේ, බිජ හා ශාක යුෂ මගින් මෙම රෝගය බෝ නොවේ.

පාලනය

සුදුමැස්සා පාලනයට නිර්දේශිත කෘමිනාශක යෙදීම. රෝගී ශාක ඉවත්කිරීම, වල් පැලෑටි විනාශ කිරීම.

CT රෝග ලක්ෂණ

කුඩා කළ රෝග ශාක වියළි මිය යයි. ශාක කුරු වේ. පත්‍ර නටු පහතට කඩා වැටේ. පත්‍ර උඩ අතට හැකිලේ, පත්‍ර දුඹුරු පැහැවී  නාරටි දම් පැහැවේ. ගෙඩි මත දුඹුරු පැහැති පැල්ලම් හටගනී.

බෝවීම

කොළ පාට කිඩැවන් මගින් බෝවන මෙම රෝගය ශාක යුෂ මගින් වියාප්ත නොවේ.

පාලනය

වල් ඔඅලටි පාලනය, නිර්දේශිත කෘමිනාශක යොදා වාහකයා පාලනය, රෝගී ශාක ඉවත් කිරීම, බිට් හා තක්කාලි මිශ්‍ර බෝග ලෙස වගා නොකිරීම.

අස්වනු නෙලීම

ගෙඩි කොළ පැහැයේ සිට කහ පැහැයට හැරෙන අවස්ථාවේදී නෙලගන්න. අස්වනු  නෙලීම 10 – 12 වරක් පමණ කළ යුතුය.

අස්වැන්න

හොදින් නඩත්තු කළ වගාවකින් හෙක්ටයාරයකට ටොන්  20 – 30 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වැන්න සකසා ගැනීම

නෙලාගත් ගෙඩි, ප්‍රමාණය අනුව වර්ග කර, හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි ලී පෙට්ටිවල ඇසුරා වෙළදපොලට යවන්න.

Share:

0 comments:

< >

Search This Post

Web Archive

Follow by Email

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement