බඩඉරිඟු වගාවට කෘෂි උපදෙස්

ගුණාත්මක බඩඉරිඟු නිපදවීම

වගා කර ඇති මෙම ප්‍රමාණය සැලකිල්ලට ගත්කල බඩඉරිඟු වගාව දෙවැනි වන්නේ වී වගාවට පමණයි.

මිනිසුන්  සෘජුව ආහාරයට ගන්නවාට  වඩා සත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තයට බඩඉරිඟු විශාල වශයෙන් යොදා ගැනෙනවා.

වසර  2003 වන විට දේශීය බඩඉරිඟු අවශ්‍යතාවය  මෙ.ටොන් 20,7000 පමණ වන බවට ගණන් බලා ඇති අතර එයින් 77%  ක්ම යොදා ගැනෙනුයේ‍ සත්ව අහාර කර්මාන්තයට අමුද්‍රව්‍ය විදිහටයි.

සත්ව  ආහාර අතරින් අප රටෙහි  ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබන්නේ කුකුල් කෑම නිෂ්පාදනයි. මෙම ආහාර නිෂ්පාදන කර්මාන්තයේදී භාවිතා කරන අවශ්‍ය අමුද්‍රව්‍ය අතරින් 20%  - 35% අතර ප්‍රමාණයක් බඩ ඉරිගු යොදා ගැනෙනවා.

මීට අමතරව අපේ පිටිසර ප්‍රදේශවල ජනතාව  ප්‍රධාන ආහාර වේලක් විදිහට  බඩඉරිඟු පරිභෝභෝජනය කරනු ලබන අතර කිරි ඉරිඟු තම්බා ආහාරයට ගැනීම හැම ජන කොට්ඨාසයක් අතර ජනප්‍රිය වෙලා වියළි බඩඉරිඟු ඇට වලින් සාදන පොරි නැත්නම් පොප්කෝන් ඒ වගේම අප අතර ජනප්‍රියයි.

ගැබිණි මව්වරුන්ගේ සහ කුඩා දරුවන්ගේ පෝෂනීය ආහාරයක් වන    ත්‍රිපෝෂ නිශ්පාදනයේදීත්  බහුලව යොදා ගැනෙනවා.

මේ සඳහා වාර්ෂිකව බඩඉරිඟු ඇට  මෙ.ටොන් 8000 ක් පමණ අවශ්‍ය වෙනවා

ත්‍රිපෝෂ වලට   අමතරව වෙළඳපලේ ඇති සමපෝෂ,රන්පෝෂ වැනි පෝෂණීය ආහාර නිෂ්පාදන කර්මාන්ත වලදීද බඩ ඉරිඟු බහුලව යොදා ගැනෙනවා.

මේ කුමන ආකාරයකට ප්‍රයෝජන ගත්තත්, මිනිසාගේ හා සත්වයාගේ පරිභෝජනයට අවසානයේ මේවා යොදා ගන්නා නිසා ගුණාත්මයෙන් ඉහළ බඩඉරිඟු  නිපදවිය යුතු බව අවිවාදයෙන් යුතුව පිළිගන්න සිද්ධ වෙනවා.

බඩඉරිඟු වල ගුණාත්මය තීරණය කරන ප්‍රධානම සාධකය ලෙස ඇපලටොක්සින් යන විෂ ද්‍රව්‍ය දක්වන්න පුළුවන්. 1962 වස්රේදී, ඒ කියන්නේ මීට දශක හතරකට විතර කලින් එංගලන්තයේ ඇති කරපු කුකුලන් විශාල ප්‍රමාණයක් එකපාරටම වගේම මියයන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ ගැන අධ්‍යනය කරනකොට කුකුල් ආහාර වල අඩංගු රටකජුවල  තිබුණ දිලීරයකින් නිපව‍ෙන විෂ ද්‍රව්‍යයක්   නිසා ඒ මරණ සිදු වූ බව හොයාගන්න පුළුවන් වුණා.

  ඒ වගේම ඇපලටොක්සින් කියන විෂ ද්‍රව්‍ය   නිපදවන්නේ  ඇස්පර්ජිලස දිලීර පවුලට අයත් ඇස්පර්ජිලස් බැරසිටිකස් යන නිල් ඉර වර්ග දෙක මගින් බවත් එම විද්‍යාඥයින්ට  තහවුරු   කරගන්න හැකි වුණා.

එවිට සෑම ගසකම නිරෝගී කරලක්   ඇතිවෙනවා. සමහරවිට කරල් දෙකක් ඇතිවන අවස්ථාද තියෙනවා. ඒ හින්දා දිලීරවලට ඔරොත්තු දීමේ ශක්තිය ලැබෙනවා. බඩ ඉරිඟු ගස් අනවශ්‍ය තරම් ප්‍රමාණයක් යම්කිසි භූමි ප්‍රදේශයක රෝපණය කළොත් ඒවායේ වර්ධනය බාල වෙලා දුර්වල කුඩා  කරල්  හටගන්නවා. ඉන්පස්සෙ මෙම දුර්වල  කරල්වලට එවිට ලේසියෙන්ම දිලීර ආසාදනය වෙන්න පුළුවන්.

නියම  ගුණාත්මයෙන් තොරව නිපදවන සහල්,බඩ ඉරිඟු,රටකජු වගේම මිරිස් වැනි බෝග වල මෙම විෂ ද්‍රව්‍ය  අඩංගු වෙන්න පුළුවන්. ඇපලටොක්සින් වෙනත්   විෂ ද්‍රව්‍ය  වගේ රත් කර  විනාශ කරන්න බැරි හින්දා ආහාර පිසීමේදී විනාශ නොවන බවත් දැන් ගත යුතු ඉතා වැදගත් කරුණකි.

ත්‍රිපෝෂ නිපදවීම්ට ගන්නා බඩඉරිඟු වල තිබිය යුත්තේ බඩඉරිඟු කොටස්  බිලියනයකට  එම කොටස් පහකට අඩු ක්‍රම ප්‍රමාණයක් මේ විදිහට උග්‍ර විෂ ගතිය නිසා ආහාරයට ද්‍රව්‍ය   නිපදවීමේදී උපරිම වශයෙන් තිබිය යුතු ඇපලටොක්සින් ප්‍රමාණය පිළිබඳව ප්‍රමිතියක් තියෙනවා.

මේ විෂ අඩංගු බඩ ඉරිඟු වලින් සත්ව ආහාර හදලා සතුන් පෝෂණය කළොත් ඔවුන්ගේ කිරි බීමෙන් වගේම මස් ආහාරයට ගැනීමෙන් ද මිනිසාට විවිධාකාර ලෙඩ රෝග වලට මුහුණ දෙන්නට සිදුවන එක ස්ථිරවම කියන්න පුළුවන්.

ඇපලටොක්සින් පිලිකා කාරකයක් විදිහට ද හඳුන්වා දිය හැකි හින්දා අප ඇපලටොක්සින් නොමැති බඩඉරිඟු නිෂ්පාදනය කරන්න හැම විටම උත්සාහ කරන්න ඕනැ.

කුමන අකාරයෙන්ද? දැන් බඩඉරිඟු වලට මේ විෂ  ද්‍රව්‍ය ඇතුළු වෙන්නේ

ඇපලටොක්සින් නිපැදවෙන මුලින්  කිවි දිලිර, එහෙමත් නැත්නම් පුස්වල බිජානු නිරතුරුවම පසේ හා වාතයේ තියෙනවා.මේ බිජානු සුදුසු ස්ථානයක පතිත උනාට පස්සේ දිලීර  වශයෙන් වැවිලා සුදුසු තත්ත්වයෙන් ඇති වූ විට විෂ ද්‍රව්‍ය නිපදවෙනවා

ඇපලටොක්සින්   නිපදවන දිලීර  ප්‍රධාන වශයෙන් අවස්ථා තුනකක දී බඩඉරිගු වලට ආසාදනයය වෙනවා.

ඉන් පළමුවැනි අවස්ථාව ලෙස බඩ ඉරිඟු කරල් ගසෙන්  කඩා ඉවත් කර ගැනීමට පෙර නොඑසේනම් අස්වනු නෙලීම්ට පෙර අවස්ථාව දක්වන්න පුළුවන්.

කරල්  විදින පණුවන්, කෘමින් හා කුරුල්ලන් ඇතුළුව වෙනත් සතුන් විසින් කරලට සිදු කරන තුවාල මත බීජාණු පතිතවීමෙන් මෙසේ සිදුවන්න පුළුවන්. ඒ වගේම බඩ ඉරිගු කරල අග ඇති රෝම කහ සහ දුඹුරු පැහැ අවස්ථාවේ දී බීජ ඒ මත පතිත වීමෙන්  පසු අවස්ථාවක ප්‍රරෝහණය ආසාදනය විය හැකි බවත් සොයාගෙන තියෙනවා.

ජල හිඟ තත්තවයක් යටතේ වවන බඩඉරිගු වලටත් බෝග වැඩීමට අවශ්‍ය නයිට්‍රජන්  නොමැති අවස්ථාවලත් ඇපලටොක්සින් විෂ  ඇතිවීම සාමාන්‍ය අවස්ථාවලට වඩා වැඩි බව  පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා.

දෙවන අවස්ථාවට විෂ  තත්ත්වය  ආසාදනය විය හැක්කේ අස්වනු නෙලීමෙන් අනතුරුවයි.

නොදැනුවත්කම හේතුවෙන් ආසාදනයයට ලක්වූ බඩ ඉරිඟු කරල් සමඟ මිශ්‍රව ආසාදනය නොවූ කරල් එකට එකට දැමීමෙන් හොඳ කරල්වලටත් බෝ වෙන්න පුළුවන්. ඒ වගේම නෙලන ලද කරල් නියමිත ආකාරයට වෙලා නොගත් විට එකට ගොඩ කර තැබීම නිසා දිලීර තත්ත්වයක් ඇතිවෙලා ආසාදනය වීමේ ඉඩකඩ වැඩි වෙනවා. කොලපුව ඉවත්කරපු කරල්  පොළොව මත ගැටෙන විදියට අතුරුනයක් නොමැතිව වේලිමෙිදි ප්‍රධාන වශයෙන්ම දිලීර බීජාණු කරලේ බීජ වලට ඇතුළු වෙනවා.

ඒ කොහොම වුණත් වැඩිපුරම ඇපලටොක්සින් ඇතුළු විය හැක්කේ අස්වනු නෙලීමෙන් පසුව බව නිසැක ව ම සඳහන් කරන්න පුළුවන්.

තුන්වන අවස්ථාවට විෂ  අසාදනය විය හැක්කේ කරල් පිටින්ම හෝ බීජ වෙන්කර ගබඩා කිරීම නිසයි.

බඩඉරිගු කරලෙන් ඇට වෙන් කරලා නැවත අව්වේ වෙලන්නේ නැතිව වැඩි බරක් ගැනීම සඳහා විකිණීමට බොහෝ අය පුරුදු වෙලා තියෙනවා. වෙළෙන්දන්ගේ ගබඩාවල තියෙන අධික වූ උෂ්ණත්වය හා තෙතමනය හින්දා ඒවායේ දිලීර හොඳින් වැඩෙන්නේ කියන ඉඩකඩ ඉතා වැඩියි. කොලපුව ඉවත් කරලා කරල් වේළිම නොකර ගබඩා කිරීම් නිසා ද දිලීර වැඩීම ට හොඳ පරිසරයක් ඇතිවෙනවා. සමහර පෙදෙස්වල කොලපුව ඉවත් කරලා කරල් තට්ටු ගණනාවක් එක විදිහට මැස්සක් අතුරල යටින් දුම් ගහනවා. එවිට සිදුවන්නේ මැද වගේම ඉහල ඇති කරල් වැඩි තෙතමනයකටත් උෂ්ණත්වයකටත් භාජනය වෙලා දිලීර වල වැඩිමට හොඳ පරිසරයක් නිර්මාණය වෙන එකයි.

ගබඩා කරන බඩ ඉරිඟු වලට ඒ ආකාරයෙන් ඉතා පහසුවෙන්ම ඇපලටොක්සින්   විෂ ඇතුල් වෙනවා.

එහෙමනම් ඇපලටොක්සින් නොමැතිව බඩ ඉරිගු නිෂ්පාදනය කරන්නේ කොහොමද?      

අස්වැන්න නෙළන තුරු වගාවේ කළ හැකි දේ මොනවාද? කියලා මුලින්ම අපි සොයා බලමු.

වාතයේ වැඩිපුර තෙතමනය තිබීමත් වැඩි උෂ්ණත්වයක් තිබීමත් දිලීර වල වැඩීමට හිතකර නිසා එම තත්වයන් මැඩලීම  සඳහා සුදුසු ප්‍රභේද සිටුවීම වගේම නිර්දේශිත පැළ ගණනය පවත්වා ගැනීම වැනි ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා . යෝග්‍ය ප්‍රභේද වල උසස් ගුණාත්මයේ බීජ සිටුවීම තුළින් එකම වයසේ ශාක ඇතිකර ඇති කරගන්න පුලුවන් වගේම එකවර මෝරපු කරල් ලබා ගන්නත් පුළුවන්. එහෙම නොවුනොත් කලින් මෝරන කරල් පසුව නෙළා ගැනීම සඳහා ක්ෂේත්‍රයෙන් තියාගන්න වෙනවා. ඒකෙන් වෙන්නේ කලින් මේරූ කරල් වලට දිලීර ආසාදනය වෙන්න තියන ඉඩකඩ වැඩියි. ඒ නිසා, ගුණාත්මක බීජ හැම විටම සිටුවීම සඳහා තෝරාගත යුත්තේ.

කරලේ කෙළවර විවෘත වී ඇට පිටතට නිරාවරණය වූ අවස්ථාවලදී වගේම කොලපුව බුරුල් වෙලා කෙලවරෙන් විවෘත වූ කරල් වලින් ද කරල තුලට ජලය ඇතුලු වීම සිදුවෙනවා. ජලය ඇතුළු වෙලා ඉන් පස්සේ කරල් තුල දිලීර වැඩීමට යෝග්‍ය පරිසරයක් ඇති වෙනවා. මෙය වළක්වා ගැනීම සඳහා අස්වැන්න නෙලීමට සතියකට විතර කලින් මේරූ කරල් තිබියදීම කරල් පහතට නැමී කළ යුතුයි. එමගින් කරල තුලට ජලය වළක්වා ගන්න පුළුවන්.

අඩි 22ද ලෙස  නිර්දේශිත පරතරයට එක් ස්ථානයක පැළ දෙකක් හෝ අඩි 21ලෙස එක් ස්ථානයක පැලය බැගින් සිටුවා අක්කරයට පැල 21700  ක් පමණ අනිවාර්යෙන්ම සිටුවා ගන්න ඕනෑ. එවිට සෑම ගසකම නිරෝගී කරලක්බ දෙකක් ඇති වෙනවා. ඒ හින්දා දිලීර වලට ඔරොත්තුදීමේ ශක්තිය ලැබෙනවා. බඩඉරිඟු ගස් අනවශ්‍ය තරම් ප්‍රමාණයක් යම්කිසි භූමි ප්‍රමාණයක රෝපණය කළ ඒවායේ වර්ධනයය බාල වෙලා දුර්වල කුඩා කරල් හට ගන්නවා. ඉන්පස්සෙ මෙම දුර්වල කරල් වලට එවිට ලේසියෙන්ම දිලීර ආසාදනය වෙන්න පුළුවන්.

නිසි ලෙසින් පොහොර යෙදීම් හා ජලය පාලනය දෙවන පෙර අස්වනු කාරණය ලෙස හඳුන්වන දෙන්න පුළුවන්.  බඩ ඉරිගඟු නියඟයට අහු වෙලා නයිට්‍රජන් පොහොර අවශ්‍ය තරම් නොලැබුණාම සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි විෂ ප්‍රමාණයක් නැති වෙන බව සොයාගෙන තියෙන නිසා එම කරුණ ඉතා වැදගත් බව කියන්න ඕනෑ.

තවත් වැදගත් කාරණයක්  ලෙස බඩ ඉරිඟු කරල් කඩන්න කලින් සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම  දක්වන්න පුලුවන්. ගිරව්  වැනි කුරුල්ලන් ගෙන් සිදුවන හානිය නිසා බීජ තුවාලව වී දිලීර ආසාදනය වීම වළක්වා ගැනීම කළ යුතුයි. ඒ වගේම පත්‍ර හානිය,කරල් විදින පණුවන් වළක්වා ගැනීමටත් ක්‍රියාකළ යුතුයි. කුරුල්ලන්ගේ හානි වු කරල් තිබුනත් ගුණාත්මය ආරක්ෂා කිරීම සඳහා මොනම හේතුවක් නිසාවත් ඒවා එකිනෙක මිශ්‍ර නොවිය යුතුය. ඒ කියන්නේ ඒවා වෙන්කර තැබීම් ඉතා වැදගත් බවයි.

සිටුවා දින 105 - 110  අතර කාලයේදී හොඳින් මේරූ බඩ ඉරිඟු කරලක් සම්පූර්ණයෙන්ම කහ හා දුඹුරු පාටට හැරෙනවා. ඒ අවස්ථාව වන විට බඩඉරිඟු ගසක් වියළි ස්වභාවයට පත්වීමට පටන්ගෙන අවසන්. එවැනි කරලක ඇටයක් ගෙන නියපොත්තෙන් තද කළ විට තද කිරීමට අපහසු නම් ලෙහෙසියෙන් පලළුදු නොවන ඇටයක් නම් එය හොඳින් මෝරා ඇති බව නිගමනය කරන්න පුළුවන්. එවැනි හොඳින් මේරූ බඩ ඉරිඟු කරලක බීජ රන්වන් දිලිසෙන ස්වරූපයක් ගන්නවා.

හානි වූ, බිම් පතිත වූ හා නියමිත ප්‍රමිතියට  නොමැති වු කරල් වෙනමම නෙලා ගැනීම තුළින් ගුණාත්මක බඩඉරිඟු නිපදවීම් තහවුරු කරගන්න පුළුවන්.

මේ වන තුරු අපි කතා කළේ අස්වැන්න නෙලන තෙක් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග  සම්බන්ධවයි. ඒ වගේම අස්වනු නෙලලීමෙන් පස්සෙන් ඒ කියන්නේ ගබඩා කිරීම්ට පෙර ගුණාත්මයෙන් ඉහළ බඩඉරිඟු නිපදවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා.

කරල් නෙලාගත්තට පස්සේ පස්සෙ තවත් නුසුදුසු කරල් තිබුණත් ඒවා ද ඉවත්කරන්න ඕනෑ. කඩාගත් ගමන්ම කරලක 25% ක්  30% ක් අතර ප්‍රමාණයක් තියෙන්නේ ජලය. දිගු කලක් ගබඩා කර තබා ගන්න නම් මේ ජල ප්‍රමාණය 13%  දක්වා  ප්‍රමාණයක් අඩුකර ගන්න වෙනවා.

කරල් කැඩූ ගමන්ම ඒවායේ කොලපු ඉවත් කළ යුතුයි. ඉන්පසුවද කුරුල්ලන්ගෙන් හා කෘමින්ගෙන් හානි වී ඇති කරල් ඇත්දැයි නැවත නැවත පරීක්ෂණ කළ යුතු වෙනවා. මේ  විදියට කොලපුව ඉවත් කළ බඩ ඉරිඟු කරල් අනිවාර්යයෙන්ම පොළොවට නොගැටෙනා ආකාරයට වෙිලිමට වගබලා ගැනීම වැදගත්. එ මොකද ඒවා පොළවේ ස්පර්ශ උනොත් පසෙ ඇති දිලීර බීජාණු බීජ මත තැවරිලා දිලී නැති වෙන්න පුළුවන්.පොළව මත නොව වෙනස් වී කරල් පිටින් වේලා ගැනීමට පැදුරු, ටාපොලික් පොලිතීන් ගෝනි හා ලී රාක්ක මත අතුරා වෙලාගන්න වග බලා ගන්න. මේ සඳහා හොඳින් සිමෙන්ති දමා ඇති එළිමහන් බිමකුත් යොදාගන්න පුළුවන්.

කොහොම වුණත් කරල් එක මත එක දෙක තුනකට වඩා ආතුරනය මත නොතැබිය යුතුයි. ලොකු ලූනු ගබඩා කිරීම්ට යොදාගන්නා ගබඩාවක් වුණත් මේ කාර්යය සඳහා යොදා ගන්නත් පුළුවන්. මේ විදියට හොඳින් මෝරා ඇති කරල් දින 4ක් 5ක් තද අව්වේ වේලා ගත්තාම තෙතමනය 15% දක්වා අඩු කර ගන්න එතරම්   අපහසු වෙන එකක් නැහැ.

  මේ  විදිහට වේලාගත් ක්‍රමවත් පරීක්ෂාවක් යටතේ ගබඩා කර තබන්න පුලුවන්. ඒ වගේම තෙතමනය උරා නොගන්නා තත්ත්වයක් ඇති කිරීම ගැනද සැලකිලිමත් වීම වැදගත්.එහෙම නැත්නම් මේ කරල්වලින් ඇට ගලවලා ඉවත් කරගන්න පුළුවන්.

Share:

0 comments:

< >

Search This Post

Web Archive

Follow by Email

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement